04

E   |     |  

 දිනය: 2019-08-07   පිළිතුර ලබා දී ඇත 

0443/2019: කන්තලේ සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලය: අඩුපාඩු

443/’19

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      කන්තලේ සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලය හෝ එහි කොටසක් ත්‍රිකුණාමලය, නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලයට හෝ වෙන යම් ස්ථානයකට ගෙන යෑමේ සැලැස්මක් තිබේද;

(ii) නොඑසේ නම්, එහි දැනට පවතින අඩුපාඩු සපුරා දීමට පියවර ගන්නේද;

(i​ii) කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලු ඉඩම් මධ්‍යම රජයට අයත් ඒවා වන බැවින් මෙම කාර්යාලය තවදුරටත් වැඩිදියුණු නොකරන්නේ මන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-08-07

අසන ලද්දේ

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      එවැනි සැලැස්මක් නැත.

              (ii)      මානව හා භෞතික සම්පත්වල අඩු පාඩු සපුරා දීමට පියවර ගනිමින් පවතී.

             (iii)      වැඩි දියුණු කිරීමට පියවර ගෙන ඇත.

(ආ)     අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2019-08-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks