පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
441/’19
ගරු ජයන්ත සමරවීර මහතා,— ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2018.09.01 දින වනවිට කළුතර දිස්ත්‍රික්කය තුළ සිටින හඳුනාගත් ආබාධිත පුද්ගලයන් සංඛ්‍යාව, ආබාධයේ ස්වභාවය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ආබාධිත තත්ත්වයන් සිදුවී ඇත්තේ උපතින්ද; නැතහොත්, අනතුරකින්ද යන්න සහ වයස අනුව වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නේද;
(ii) එම එක් එක් ආබාධිත පුද්ගලයාගේ නම, ලිපිනය, භාරකරුගේ නම, ග්‍රාම නිලධාරි වසම වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ආබාධිත පුද්ගලයන් ලබාගන්නා ආධාර මුදල් ප්‍රමාණය හා ඔවුන්ගේ ආබාධයේ ස්වභාවය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) ආධාර ලැබිය යුතු එහෙත්, ආධාර නොලබන පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
(v) ඉහත (iv) හි සඳහන් පිරිස වෙනුවෙන් ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-05-24
අසන ලද්දේ
ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks