04

E   |     |  

 දිනය: 2019-05-23   පිළිතුර ලබා දී ඇත 

0440/2019: මාර්ග පුළුල් කිරීම් හා වැඩිදියුණු කිරීම් : විස්තර

440/’19

ගරු ජයන්ත සමරවීර මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)        (i)        මාර්ග සංවර්ධන අධිකාරිය විසින් 2015.12.31 දිනට අවසන් කිරීමට නියමිතව තිබූ මාර්ග පුළුල් කිරීම් හා වැඩිදියුණු කිරීම් සංඛ්‍යාව කොපමණද;

                    (ii)      එම ව්‍යාපෘති පිහිටි දිස්ත්‍රික්කය, ව්‍යාපෘතියේ නම හා ඇස්තමේන්තු මුදල කොපමණද;

(iii) 2016.12.31 දිනෙන් අවසන් කිරීමට නියමිතව තිබූ ව්‍යාපෘති පිහිටි දිස්ත්‍රික්කය, ව්‍යාපෘතියේ නම හා ඇස්තමේන්තු මුදල කොපමණද;

(iv) 2017.12.31 දිනෙන් අවසන් කිරීමට නියමිතව තිබූ ව්‍යාපෘති පිහිටි දිස්ත්‍රික්කය, ව්‍යාපෘතියේ නම හා ඇස්තමේන්තු මුදල කොපමණද;

(v) සමස්ත ප්‍රගතිය ශූන්‍ය වූ කොන්ත්‍රාත් සංඛ්‍යාව කොපමණද;

(vi) සමස්ත ප්‍රගතිය ශූන්‍ය වීමට හේතු වූ කරුණු කවරේද;

(vii) ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද; 

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ, නම් ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-05-23

අසන ලද්දේ

ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)          (i)      ව්‍යාපෘති 432කි.

              (ii)      ඇමුණුම 1** මඟින් ඉදිරිපත් කර ඇත.

             (iii)      ඇමුණුම 2** මඟින් ඉදිරිපත් කර ඇත.

             (iv)      ඇමුණුම 3** මඟින් ඉදිරිපත් කර ඇත.

              (v)      2015 - ව්‍යාපෘති 80

                          2016 - ව්‍යාපෘති 112 (මින් ව්‍යාපෘති 4ක් අවලංගු කර ඇත.)

                          2017 - ව්‍යාපෘති 181 (මින් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන මාර්ග ව්‍යාපෘති 114ක් අවලංගු කර ඇත.

(vi) ක්‍රියාකාරි සැලැස්මේ යෝජනාවලට අතිරේකව වර්ෂය ඇතුළතදී කාලගුණික තත්ත්වයන් හේතුවෙන් (due to flood damage) ඇති වූ මහජන ඉල්ලීම් සහ නව යෝජනා සඳහා  ප්‍රමුඛතා ලබා දීම සිදුවිය. එම හේතුවෙන් ක්‍රියාකාරි සැලැස්මේ ඇතැම් යෝජනා අදාළ වර්ෂය තුළ දී ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.

(vii) ක්‍රියාකාරි සැලැස්මට ඇතුළත් කර ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ ව්‍යාපෘතිවලට ප්‍රමුඛතාව ලබා දී ඉදිරි වර්ෂයේදී ප්‍රතිපාදන තුළින් මෙම ව්‍යාපෘති සම්පූර්ණ කරනු ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-05-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks