04

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0438/2019: Statutory Payments made for employees of Janatha Estate Development Board

438/’19

ගරු ජයන්ත සමරවීර මහතා,— රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      වර්ෂ 2015 සිට 2018 දක්වා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සේවකයන්  වෙනුවෙන් ගෙවනු ලැබූ සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් ඇතුළු ව්‍යවස්ථාපිත දීමනා සම්බන්ධ විස්තර වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන්නේද;

(ii) මෙතෙක් ගෙවා නොමැති දීමනාවල එකතුව වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) ඉහත කී අරමුදල් සඳහා මුදල් නොගෙවීම සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් කාර්යාලය මඟින් පවරා ඇති නඩු සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-06-07

අසන ලද්දේ

ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks