04

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0437/2019: Lands belonging to Janatha Estate Development Board leased to outside parties

437/’19

ගරු ජයන්ත සමරවීර මහතා,— රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2018.06.30 දිනට බදු පදනම මත පිටස්තර පුද්ගලයන්ට ලබා දී ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම් ප්‍රමාණය කොපමණද;

             (ii)      ඒවා ලබා දී ඇති පුද්ගලයන්ගේ හා ආයතනවල නම, ලිපිනය, බදු දී ඇති කාලය, බදු දී ඇති ඉඩමේ ප්‍රමාණය හා බදු මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) මෙම ඉඩම් බදු දීමේදී විවෘත වෙළෙඳපොළ මිල ගණන් අනුව දේපළ තක්සේරු කර ඒ අනුව බදු මුදල් අය කිරීම සිදු කර තිබේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ඉඩම් බද්දට ලබා ගත් පුද්ගලයන් ඒවා අතුරු බදු දී ඇත්නම්, එම ඉඩම් කවරේද;

(ii) එසේ අතුරු බදු ලබා දුන් අයගේ නම, ලිපිනය, බදු දී ඇති කාලය, ඉඩමේ ප්‍රමාණය හා බදු මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) බදු අය කිරීම යාවත්කාලීන නොකිරීම හේතුවෙන් හා නීතිවිරෝධී අතුරු බදු දීම හේතුවෙන් පසුගිය වර්ෂ තුනේදී මණ්ඩලයට කොපමණ මුදලක් අහිමි වී තිබේද;

(iv) බදු ගිවිසුම ප්‍රකාරව අතුරු බදු දීමට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-06-06

අසන ලද්දේ

ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks