පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
434/’19
ගරු කනක හේරත් මහතා,— සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පින්නවල අලි අනාථාගාරය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල සංඛ්‍යාවක් පැමිණෙන බවත්, එම ආයතනය මඟින් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වැඩිම ආදායමක් ලබාදෙන බවත් දන්නේද;
(ii) වර්ෂ 2015 සිට 2018 දක්වා පින්නවල අලි අනාථාගාරය නැරඹීම සඳහා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව, එක් එක් කාර්තුව අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) වර්ෂ 2015 සිට 2018 දක්වා එමඟින් ලැබුණු ආදායම එක් එක් වර්ෂය සහ කාර්තුව අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) පින්නවල අලි අනාථාගාරය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට අලි පැටවුන්ට කිරි පෙවීම සඳහා අවස්ථාවක් ලබා දීම මේ වනවිට නවතා තිබේ නම්, එයට හේතු කවරේද;
(ii) ඒ හේතුවෙන් ආයතනය වාර්ෂිකව ලබන අලාභය කොපමණද;
(iii) ශ්‍රී ලංකාවට වටිනා සම්පතක් වන පින්නවල අලි අනාථාගාරය වැඩිදියුණු කිරීම සඳහා රජය මඟින් යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;
(iv) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-10
අසන ලද්දේ
ගරු කනක හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks