04

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0433/2019: Employees and Directors of Civil Aviation Authority

433/’19

ගරු කනක හේරත් මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       සිවිල් ගුවන්සේවා අධිකාරියේ සේවක සංඛ්‍යාව කොපමණද;

             (ii)       ස්ථිර සේවක සංඛ්‍යාව සහ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරනු ලබන  සේවක සංඛ්‍යාව කොපමණද;                     

(iii) සිවිල් ගුවන්සේවා අධිකාරියේ, අධ්‍යක්ෂ ජනරාල්, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ අංශ ප්‍රධාන අධ්‍යක්ෂවරුන්ගේ වයස් සීමාවන් වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) මෙම අධිකාරියේ සිටින උපදේශකවරුන් සංඛ්‍යාව සහ ඔවුන්ගේ වයස් සීමාවන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරින් විශ්‍රාම යනවිට පුරප්පාඩු වන එම තනතුරු සඳහා සුදුසුකම්ලත් දෙවන පෙළ නිලධාරින් කණ්ඩායමක් යෙදවීමට සැලසුම් කර තිබේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-07-09

අසන ලද්දේ

ගරු කනක හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks