04

E   |     |  

 දිනය: 2019-05-07   පිළිතුර ලබා දී ඇත 

0428/2019: ලිපි සඳහා තැපැල් ගාස්තු ඉහළ දැමීම: විස්තර

428/’19

ගරු කනක හේරත් මහතා,— තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      මේ වනවිට ලිපි සඳහා තැපැල් ගාස්තු වැඩිකර තිබේද;

             (ii)      එසේ නම්, ඒ කොපමණ ප්‍රමාණයකින්ද;                    

            (iii)      මෙම තැපැල් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් පොදු මහජනතාව දැනුවත්කර තිබේද;

(iv) එසේ නම්, එම දැනුම්දීම සිදු කරන ලද ආකාරය සහ මාධ්‍යය කවරේද;‍

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-05-07

අසන ලද්දේ

ගරු කනක හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්.

              (ii)      ග්‍රෑම් 20ක් බරැති සාමාන්‍ය ලිපියක තැපැල් ගාස්තුව රුපියල් 10.00 සිට රුපියල් 15.00 දක්වා ඉහළ දමා ඇති අතර, ග්‍රෑම් 20ක් බරැති විවෘත ලිපියක තැපැල් ගාස්තුව රුපියල් 7.00 සිට රුපියල් 12.00 දක්වා ඉහළ දමා ඇත.

              (iii)      තැපැල් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් පොදු මහ ජනතාව දැනුවත් කර තිබේ.

              (iv)      මුද්‍රිත මාධ්‍ය ඔස්සේ  - සිංහල නිවේදනය    - දිනමිණ පුවත් පත (2018.07.02 දින)

                          - දෙමළ නිවේදනය - තිනකරන් පුවත් පත (2018.07.02 දින)

- ඉංග්‍රීසි නිවේදනය - ඩේලි නිවුස් පුවත් පත (2018.07.02 දින)

විද්‍යුත් මාධ්‍ය ඔස්සේ - www.slpost.gov.lk වෙබ් අඩවිය.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-08-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks