04

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0427/2019: Pepper cultivation and export and import 2015 - 2018

427/’19

ගරු කනක හේරත් මහතා,— ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකාවේ ගම්මිරිස් වගා කර ඇති බිම් ප්‍රමාණය කොපමණද;   

             (ii)      වර්ෂ 2015 සිට 2018 දක්වා මෙරට ගම්මිරිස් ඵලදාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) වර්ෂ 2015 සිට 2018 දක්වා අපනයනය කරනු ලැබූ ගම්මිරිස් ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) මෙරට නිෂ්පාදිත ගම්මිරිස්වලට වඩා වැඩි ප්‍රමාණයක් මෙම වර්ෂ තුළදී අපනයනය කර තිබේද;

(v) එසේ නම්, ශ්‍රී ලංකාව ගම්මිරිස් ආනයනය කරනු ලබන්නේද;

(vi) ශ්‍රී ලංකාව ගම්මිරිස් ආනයනය කරනු ලබන රටවල් කවරේද;

යන්න  එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකාවට ගම්මිරිස් ආනයනය කිරීම මඟින් මෙරට ගම්මිරිස් වගාව විනාශ වී යන අතර අහිංසක ගම්මිරිස් ගොවීන්ට අසාධාරණයක් සිදු කරමින් ඉහළ මට්ටමේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට පමණක් ප්‍රතිලාභ අත් වන බව දන්නේද;

(ii) ගම්මිරිස් කර්මාන්තය නැවත නඟා සිටුවීමට යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;

(iii) එසේ නම්, එය කවරක්ද;

(iv) එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන දිනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-06-07

අසන ලද්දේ

ගරු කනක හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks