පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
426/’19
ගරු එස්. ශ්‍රීතරන් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) යාපනය දිස්ත්‍රික්කයේ, පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, එළුවතිව් දූපතේ, 4වැනි කලාපයේ වාසය කළ ගැහැණු දරුවන් හය දෙනෙකුගේ පියෙකු වූ ඇන්ටනි යේසුදාසන් මහතා 2014.12.19 වැනි දින එළුවතිව් මුහුදේ ධීවර කර්මාන්තයේ නිරතව සිටියදී නාවික හමුදාවේ ඩෝරා යාත්‍රා ප්‍රහාරයකට ලක්වී මියගිය බවත්;
(ii) අනාථ වී සිටින යේසුදාසන් මහතාගේ දරුවන්ට එම මරණය වෙනුවෙන් වූ වන්දිය ඉතා ඉක්මනින් ලබාදෙන බව නාවික හමුදාව විසින් පොරොන්දු වූ බවත්;
(iii) ඔහුගේ මරණය සිදුවී දැනට වර්ෂ හතරක් ගත වී ඇතත්, පොරොන්දු කිසිවක් ඉටු කර නොමැති බවත්;
(iv) යේසුදාසන් මහතාගේ මරණයට සාධාරණය ඉටුකරන මෙන් ඉල්ලා වර්ෂ හතරකට පෙර නඩුවක් ගොනු කර ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එසේනම්, එම නඩුව කවුරුන් විසින් කවර අධිකරණයක පවරා තිබේද;
(ii) නඩු අංකය කවරේද;
(iii) නඩුව පවරා වර්ෂ 4ක් ගතවී ඇතත්, මෙතෙක් වන්දි මුදල් නොගෙවීමට හේතුව කවරේද;
(iv) මව්පියන් අහිමිව ජීවත්වන මෙම දරුවන්ට පියාගේ මරණය වෙනුවෙන් හිමි වන්දි මුදල ලබාදෙනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-05-09
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks