පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
409/’18
ගරු වාසුදේව නානායක්කාර මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) වර්ෂ 2015 සහ 2016 තුළදී,
(i) ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජනවලින් උපයාගෙන රටෙන් බැහැර කරගෙන ගොස් ඇති ලාභ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර්වලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එසේ මුදල් බැහැර කරගෙන යෑම හේතුවෙන් රුපියලේ අගය කොපමණ බලපෑමකට ලක් වූයේද;
(iii) එක් එක් ආයෝජනය මඟින් ශ්‍රී ලංකාවට රැකියා අවස්ථා මඟින් ලැබුණු ප්‍රතිලාභය සහ වෙනත් ප්‍රතිලාභ වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-04-01
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකාවෙහි සිදුකළ විදේශ ආයෝජන සඳහා ඉපැයූ ලාභ ඇමෙරිකන් ඩොලර් දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව සතුව නොමැත. කෙසේ වුවද, ඉපැයූ ලාභවලින් සිදු කළ ලාභාංශ ගෙවීම් ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි. මේ අනුව, 2015 සහ 2016 වසරවලදී ලාභාංශ ගෙවීම් පිළිවෙළින් ඇමෙරිකානු ඩොලර් මිලියන 435ක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් විය.
(ii) රුපියලේ අගය වෙනස්වීම සඳහා දේශීය විදේශීය වෙළෙඳ පොළෙහි සිදුවන සියලු ගනුදෙනුවල මුළු බලපෑම හේතු වන බැවින් විදේශ ආයෝජකයන් විසින් ඉපැයූ ලාභ ආපසු රැගෙන යෑම් තුළින් රුපියලෙහි අගය මත සිදුවන බලපෑම වෙන් වශයෙන් ගණනය කළ නොහැක.
(iii) ආයෝජන මණ්ඩලය විසින් ලබා දී ඇති දත්තවලට අනුව 2015 සහ 2016 වසර අවසානයේදී ආයෝජන මණ්ඩලයේ ලියා පදිංචි සමාගම්වල රැකියා ප්‍රමාණය පිළිවෙළින් 476,578ක් සහ 460,227ක් විය.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-06-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks