04

E   |     |  

 දිනය: 2019-02-20   පිළිතුර ලබා දී ඇත 

0402/2019: Lands for displaced by earth slip at Kiribathgala kanda from Kiribathgala state owned estate

402/’18

ගරු වාසුදේව නානායක්කාර මහතා,— රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      පැල්මඩුල්ල, කිරිබත්ගල කන්ද නායයෑම හේතුවෙන් එම ගමේ පවුල් 30කට ආසන්න පිරිසකට උන්හිටිතැන්   අහිමි වූ බවත්;

             (ii)      ආපදාවට ලක් වූ පවුල් සඳහා විකල්ප ඉඩම් ලබාදීමට තීරණය කර ඇත්තේ ගමෙන් කි.මී. 20ක පමණ ඈතින් පිහිටි දොඹගම්මන නමැති ප්‍රදේශයෙන් බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) එලෙස දුර බැහැර ප්‍රදේශවලින් ලබාදී ඇති ඉඩම් වෙනුවට එම ගමට ආසන්නයේ පිහිටි කිරිබත්ගල රාජ්‍ය වතුයායෙන් ඉඩම් ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා ඇති බව පිළිගන්නේද;

(ii) එසේ නම්, ඔවුන්ට කිරිබත්ගල රාජ්‍ය වතුයායෙන් ඉඩම් ලබාදීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-20

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks