බලන්න

02

E   |     |  

 දිනය: 2010-11-25   පිළිතුර ලබා දී ඇත 

0758/2010: Matale General Hosrpital

0758/’10 ගරු වසන්ත අළුවිහාරේ මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) මාතලේ මහ රෝහලේ නව ශල්‍ය වෛද්‍ය සංකීර්ණයේ වැඩ අවසන් කර රෝහල් අධිකාරියට භාර දී ති‍බේද; (ii) මෙම නව ශල්‍ය වෛද්‍ය සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කළ දිනය හා අවසන් කළ දිනය කවරේද; (iii) එම වෛද්‍ය සංකීර්ණයේ ඉදිකිරීම් අවසන්ව ඇත්නම් එය විවෘත කිරීම මේ දක්වා ප්‍රමාද කිරීමට හේතු කවරේද; (iv) මෙම නව ගොඩනැගිල්ල කඩිනමින් විවෘත කිරීම සඳහා පියවර ගන්නේද ; (v) එසේ නම්, එය විවෘත කරනු ලබන දිනය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) එම නව ශල්‍ය වෛද්‍ය සංකීර්ණය ඉදිකිරීම සඳහා සහ වායු සමීකරණ හා අනෙකුත් මූලික උපාංග සවිකිරීම සඳහා වැය කරන ලද මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2010-11-25

අසන ලද්දේ

ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks