04

E   |     |  

 දිනය: 2019-02-20   පිළිතුර ලබා දී ඇත 

0393/2019: Local Government Bodies to which gully bowsers, tractors water bowsers given by the Ministry

393/’18

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      මේ වනවිට දිවයිනේ තිබෙන මහ නගර සභා, නගර සභා  සහ ප්‍රාදේශීය සභා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)      මහ නගර සභා තත්ත්වයට පත් කිරීමට අපේක්‍ෂිත නගර සභා කවරේද;

(iii) නගර සභා තත්ත්වයට පත් කිරීමට අපේක්‍ෂිත ප්‍රාදේශීය සභා කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2010 වසරේ සිට 2018 මැයි දක්වා වූ කාලය තුළ අමාත්‍යාංශය මඟින් ට්‍රැක්ටර්, ගලිබවුසර් සහ වතුර බවුසර් ඇතුළු විවිධ යන්ත්‍ර - සූත්‍ර ලබා දුන් පළාත් පාලන ආයතනයන්හි නම, ලබාදුන් උපකරණ සහ ඒවා ලබාදුන් දිනය වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) ඉදිරියටත් එවැනි යන්ත්‍ර - සූත්‍ර ඇතුළු උපකරණ හා මෙවලම් ලබාදීමට අපේක්‍ෂිත පළාත් පාලන ආයතන හදුනාගෙන තිබේ නම්,  ඒවා කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-20

අසන ලද්දේ

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks