04

E   |     |  

 දිනය: 2019-02-08   පිළිතුර ලබා දී ඇත 

0392/2019: පලුගහවංගුව මහා විද්‍යාලයේ විනාශ වූ මහින්දෝදය විද්‍යාගාරය : ප්‍රතිසංස්කරණය

392/’18

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් අඩු පහසුකම් සහිත දුෂ්කර ප්‍රදේශයක් වන පදවි ශ්‍රී  පුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි පාසල් අතරින් මහින්දෝදය විද්‍යාගාරයක් පැවති එකම පාසල ත්‍රිකුණාමලය/උතුර කලාපයේ පදවි පලුගහවංගුව මහා විද්‍යාලය බවත්;

(ii) එම විදුහලේ ඉදිකර තිබූ මහින්දෝදය විද්‍යාගාරය 2014.11.08 දින හදිසි ගින්නකින් විනාශ වූ බවත්;

(iii) 2017.09.14 දින නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින්  මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රු. ලක්ෂ 54 ක මුදලක් වෙන්කර ඇති බව  දන්වා ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) විද්‍යාගාරය ගින්නෙන් විනාශ වී මේ වනවිට වර්ෂ 3 1/2 ක් පමණ ගත වී ඇතත්   නවීකරණ කටයුතු ආරම්භ කිරීමට නොහැකි වීමට හේතු කවරේද;

(ii) ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුදල් වෙන් කර ඇතත්, මේ වනතෙක් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ නොකිරීමට හේතුව කවරේද;

(iii) ඉහත අ (iii) හි සඳහන් ප්‍රතිපාදනවලට සිදුවූයේ කවරක්ද යන්න සඳහන් කරන්නේද;

(iv) නවීකරණ කටයුතු ආරම්භ කරනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-08

අසන ලද්දේ

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)       ඔව්.

              (ii)       ඔව්.

              (iii)       පදවි පලුගහවංගුව මහා විද්‍යාලයේ මහින්දෝදය විද්‍යාගාරය ප්‍රතිසංස්කරණය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් රුපියල් 4,555,000.00ක (රුපියල් හතළිස්පන්ලක්ෂ පනස්දහසක) මුදලක් වැය ශීර්ෂ 126-02-07-24-2001(11) යටතේ වෙන්කරන ලදී.

(ආ)          (i)       මේ වනවිට ගි‍න්නෙන් විනාශ වී ගිය මෙම මහින්දෝදය විද්‍යාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණයෙන් නිමකොට ඇති බව නැ‍ඟෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් විසින් මා වෙත වාර්තා කර ඇත.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(iv) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2019-05-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks