04

E   |     |  

 දිනය: 2019-02-22   පිළිතුර ලබා දී ඇත 

0354/2019: Police complaint on 248/177/MOIB dated 2017.02.13

354/’18

ගරු මුහම්මදු නසීර් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ගම්පහ පොලිස් ස්ථානයේ අංක 248/177/MOIB හා 2017.02.13 දිනැති පැමිණිල්ලට අදාළ සැකකරු සමඟ, අංක EP-JA-7555 දරන Toyota Noah වර්ගයේ මෝටර් රථය, Samsung වර්ගයේ ජංගම දුරකථන දෙකක්, Nokia වර්ගයේ ජංගම දුරකථනයක්, ජාතික හැඳුනුම්පත් සහ රියදුරු බලපත්‍ර කීපයක් සහ මුදල් සහිත ගමන් මල්ලක් සිවිල් පුද්ගලයන් කීපදෙනෙකු විසින්  2017.05.01 දින කළුතර දිසා අපරාධ කොට්ඨාසය වෙත භාරදෙන ලද බවත්;

(ii) නීති විධිවිධානවලට පටහැනිව එකී සැකකරු 2017.05.01 දින සිට 2017.05.06 දින දක්වා පානදුර පොලිස් ස්ථානයේ රඳවා තබා සිටි බවත්;

 

 

(iii) ඉහත සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන මෙන් එවකට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අංක MLO/MO/OUT/147/17 හා 2017.08.29 දිනැති ලිපිය මඟින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත සිද්ධිය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සහ එහි වර්තමාන ප්‍රගතිය කවරේද;

(ii) අගතියට පත් පැමිණිලි පාර්ශ්වයට සාධාරණයක් ඉටු කිරීම සඳහා ගනු ලැබූ පියවර කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-22

අසන ලද්දේ

ගරු මුහම්මදු නසීර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks