පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
328/’18
ගරු ඉෂාක් රහුමාන් මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි තඹුත්තේගම රෝහලේ වෛද්‍යවරු ඇතුලු අනෙකුත් කාර්ය මණ්ඩලවල පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් පවතින බවත්;
(ii) මේ සම්බන්ධයෙන් 2017.09.27 වැනි බදාදා “ලංකාදීප” පුවත්පතේ “රජරට අතිරේකයේ” ප්‍රවෘත්තියක් පළකර තිබූ බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එම ප්‍රවෘත්තියේ සඳහන් කර තිබූ අඩුපාඩු සපුරාලීමට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද;
(ii) නොඑසේ නම්, මෙම අඩුපාඩු සපුරා ජනතාවට ඵලදායී සේවාවක් ලබාදීමට කටයුතු කරනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-07
අසන ලද්දේ
ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් නොමැත.
(ii) ඔව්.
(ආ) (i) ඔව්.
අනුමත වෛද්‍ය කාර්ය මණ්ඩලය 56ක් වන අතර, 2019.03.01 දින සිට වෛද්‍යවරුන් 07දෙනෙකු අනුයුක්ත කර ඇත. ඒ අනුව, දැනට වෛද්‍ය නිලධාරින් 57දෙනෙකු සේවයේ යෙදී සිටිති. අනුමත විශේෂඥ වෛද්‍ය කාර්ය මණ්ඩල 10න් 09දෙනෙකු සේවය සඳහා යොදවා ඇත. නව පත්වීම්වලින් 2019.02.11 දින සිට හෙද නිලධාරින් 04දෙනෙක් එම රෝහල වෙත අනුයුක්ත කිරීම සඳහා උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෙත යොමු කර ඇත.
(ii) පැන නොනඟී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-03-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks