01

E   |     |  

 දිනය: 2019-02-05   පිළිතුර ලබා දී ඇත 

0321/2019: Elephant repellent fence for Wijeyagama heroes village

321/’18

ගරු ඉෂාක් රහුමාන් මහතා,— සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2012 වර්ෂයේදී පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පලාගල - නෑගම්පහ මාර්ගයේ ආරම්භ කළ “විජයගම” රණවිරු ගම්මානය 2013 වර්ෂයේ  දී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ජනතා අයිතියට පත් කර ඇති බවත්;

 

(ii) මෙම ගම්මානයේ වන අලින් නිතර ගැවසීම හේතුවෙන් ගම්මානයේ පදිංචිකරුවන්ගේ එදිනෙදා කටයුතු සිදු කර ගැනීම පවා ඉතාමත් අනතුරුදායක තත්ත්වයක පවතින බවත්;

(iii) මෙම ගම්මානය වටා අලිවැටක් ඉදි කිරීමට යෝජනා කර ඇතත්, මෙතෙක් එය සිදු කර නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ගම්වාසීන්ගේ ආරක්ෂාව සඳහා කඩිනමින් අලිවැටක් ඉදිකිරීමට පියවර ගන්නේද;

(ii) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-05

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks