02

E   |     |  

 දිනය: 2019-05-23   පිළිතුර ලබා දී ඇත 

0222/2019: උප පොලිස් පරීක්ෂකවරු: උසස්වීම්

222/’18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකා පොලිස් සේවයේ, උප පොලිස් පරීක්‍ෂක තනතුරේ දැනට සිටින නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

             (ii)       බඳවාගැනීම් කාර්යපටිපාටියට අනුව ඔවුන්ට පොලිස් පරීක්‍ෂක තනතුර දක්වා උසස්වීම් ලබාදිය යුත්තේ කවර කාලයකින් පසුවද;

(iii) ඒ අනුව නියමිත කාලසීමාව සම්පුර්ණ කළ උප පොලිස් පරීක්‍ෂවරුන්ට උසස්වීම් ලබා දී තිබේද; 

  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-05-23

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      4,975යි.

              (ii)      ශ්‍රී ලංකා පොලීසියේ පොලිස් හා නියාමන සේවා ගණයේ උප පොලිස් පරීක්ෂක තනතුරට අදාළව බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටිය රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අංක PSC/EST/07-01-70/03/2014 හා 2015.04.10 දිනැතිව අනුමත කර ඇත. නමුත්, දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව ජාතික පොලිස් කොමිෂන් සභාව  පිහිටුවන තෙක් එහි මුල් පිටපත් අත්සන් කර නොතිබුණි. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත බඳවා ගැනීමේ හා උසස් කිරීම් පරිපාටිය අනුව උසස්වීම් ලබාදීම සඳහා උප පොලිස් පරීක්ෂක තනතුරේ සම්පූර්ණ කළ යුතු සේවා කාලය වසර 09කි. මේ වනවිට උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා නව බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටියක් සකස් කර පොලිස්පති විසින් ඉදිරිපත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණ හා නිර්දේශ ලබා ගැනීම සඳහා ආයතන අධ්‍යක්ෂ ජනරාල් සහ ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව වෙත යොමු කර ඇත. එයට අදාළ නිරීක්ෂණ හා නිර්දේශ ලද පසු ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරනු ලැබේ.

(iii) ජාතික පොලිස් කොමිෂන් සභාවේ අංක NPC/ED/NGO/PR/140/15 හා 2016.07.18 දිනැති ලිපිය මඟින් පොලිස්පති වෙත දන්වා ඇති පරිදි කටයුතු කර 2016.05.31 දින සිට ක්‍රියාත්මක වන පරිදි උප පොලිස් පරීක්ෂක තනතුරේ වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කළ උප පොලිස් පරීක්ෂකවරුන් 539කට, කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් 56කට මේ වනවිට පොලිස් පරීක්ෂක තනතුරේ උසස්වීම් ලබා දී ඇත. නව බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටිය සඳහා අනුමැතිය ලද පසු ඊට අනුකූලව උසස්වීම් ලබාදීමට කටයුතු කරනු ලැබේ.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-10-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රුවන් විජයවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks