බලන්න

04

E   |     |  

 දිනය: 2019-03-25   පිළිතුර ලබා දී ඇත 

0219/2019: ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීම : හේතු

219/’18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ග්ලයිෆොසේට් තහනම් කිරීමට රජය තීරණය කළ දිනය කවරේද;

            (ii)       ඒ සඳහා බල පෑ හේතු කවරේද;

            (iii)       එම තහනම  සඳහා නිර්දේශ ඉදිරිපත් කළ විද්වත් සංවිධාන හෝ පුද්ගලයන්  කවුරුන්ද;

(iv) ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට රජය තීරණය කළ දිනය කවරේද;

(v) ඒ සඳහා බල පෑ හේතු කවරේද;

(vi) තහනම ඉවත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කළ විද්වත් සංවිධාන හෝ පුද්ගලයන් කවුරුන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-25

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) 2015.05.27 දින (අංක:අමප/15/0657/617/016 හා 2015.05.27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව)

(ii) ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල ග්ලයිෆොසේට් වල් නාශකය සහ නිදන්ගත වකුගඩු රෝගය අතර සම්බන්ධතාවක් ඇති බවට නිරීක්ෂණය වීම.

(iii) මේ පිළිබඳව සමාජයේ විවධ පාර්ශ්වයන්ගෙන් කරුණු ඉදිරිපත් විය. එම කරුණු ඉදිරිපත් කළ අය පිළිබඳ තනි පුද්ගල වශයෙන් හෝ සංවිධාන වශයෙන් ලිඛිත කරුණු එකතු කිරීමක් සිදු වී නැත.

(iv) 2018.05.09 දින (අංක: අමප/18/0925/801/004 හා 2018.05.09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව)

(v) වැවිලි ක්ෂේත්‍රය තුළ ග්ලයිෆොසෙට් වල් නාශකය සීමිත තත්ත්ව යටතේ භාවිත කිරීම සහ ග්ලයිෆොසෙට් තහනම මඟින් ශ්‍රී ලංකාවේ කෘෂි කාර්මික හා වැවිලි අංශයන්ට සිදු වූ බලපෑම යන මැයෙන් යුතු 2018 මාර්තු මස 27 වන දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව පත් කළ විශේෂඥ කමිටුවේ නිර්දේශ අනුව අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සන්දේශයට ලබා දී ඇති 2018 මැයි 09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව මාස 36ක කාල පරිච්ඡේදයක් සඳහා තේ සහ රබර් ක්ෂේත්‍ර සඳහා පමණක් ග්ලයිෆොසෙට් මත පනවා ඇති තහනම ඉවත් කරන ලදී.

(vi) ඔව්. ඇමුණුම 01හි දැක්වේ.

ඇමුණුම 01

අනු අංකය

නිලධාරියාගේ නම

තනතුර හා ආයතනය

කමිටුවේ දරන නිලය

01

බී. විජයරත්න මහතා

ලේකම් - කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

කැඳවුම්කරු

02

ආචාර්ය ප්‍රියන්ත වීරසිංහ මහතා

අධ්‍යක්ෂ - උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය

සාමාජික

03

ආචාර්ය ජේ.ඒ. සුමිත් මහතා

පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්

සාමාජික

04

ආචාර්ය ලක්ෂ්මන් අමරසිංහ මහතා

විශ්‍රාමලත් අධ්‍යක්ෂ - ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය

සාමාජික

05

මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා

වල් පැළෑටි විශේෂඥ - කෘෂි විද්‍යා පීඨය - පේරාදෙනිය

සාමාජික

06

ආචාර්ය අයි.එස්.බී. අබේසිංහ මහතා

අධ්‍යක්ෂ - තේ පර්යේෂණ ආයතනය

සාමාජික

07

ආචාර්ය එල්.එස්.කේ. හෙට්ටිආරච්චි මහතා

අතිරේක අධ්‍යක්ෂ - තේ පර්යේෂණ ආයතනය

සාමාජික

08

ආචාර්ය ජී.ජී. ජයසිංහ මහතා

නියෝජ්‍ය අධ්‍යක්ෂ - පර්යේෂණ, අපනයන භෝග දෙපාර්තමේන්තුව

සාමාජික

09

ආචාර්ය කුමුදුනී ගුණසේකර මහත්මිය

කෘෂි ව්‍යාපාර විශේෂඥ - ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය

සාමාජික

10

ඩී.ඒ. පෙරේරා මහතා

සභාපති - කුළු බඩු සභාව

සාමාජික

11

මහාචාර්ය සරත් ගුණතිලක මහතා

සාමාජික

12

මහාචාර්ය ශාන්ති මෙන්ඩිස් මහත්මිය

සාමාජික

13

ආචාර්ය රනිල් සේනානායක මහතා

සාමාජික

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-06-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. හැරිසන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks