පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
201/’18
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2015, 2016 හා 2017 වර්ෂවලදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) විසින්,
(i) ආනයනය කරන ලද ඖෂධ වර්ග සංඛ්‍යාව සහ ඒ සඳහා වැය වූ මුදල;
(ii) රාජ්‍ය අංශය සඳහා ආනයනය කළ ඖෂධවල වටිනාකම;
(iii) විවෘත වෙළෙඳපොළේ අලෙවි කිරීම සඳහා ආනයනය කළ ඖෂධවල වටිනාකම;
එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) 2015, 2016 හා 2017 වර්ෂවලදී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) විසින්,
(i) නිෂ්පාදනය කරන ලද ඖෂධ වර්ග සංඛ්‍යාව හා ඒවායේ වෙළෙඳපොළ වටිනාකම;
(ii) නිෂ්පාදනය කරන ලද ඖෂධ වර්ගවලින් රජයේ රෝහල්වලට ලබාදුන් ඖෂධවල වටිනාකම සහ විවෘත වෙළෙඳපොළේ අලෙවි කරන ලද ඖෂධවල වටිනාකම;
එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-05
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks