01

E   |     |  

 දිනය: 2019-03-11   පිළිතුර ලබා දී ඇත 

0197/2019: Ambassadors appointed to USA, UK, Australia, Japan, France, China, India and Switzerland

197/’18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, ජපානය, ප්‍රංශය, චීනය, ඉන්දියාව හා ස්විට්සර්ලන්තය යන රටවල් සඳහා වර්ෂ 2010 සිට මේ දක්වා පත් කරන ලද තානාපතිවරුන් හෝ මහ කොමසාරිස්වරුන් කවුරුන්ද;

(ii) ඔවුන් අතරින් ශ්‍රී ලංකා විදේශ සේවයට අයත් නිලධාරින් හා ශ්‍රී ලංකා විදේශ සේවයට අයත් නොවන නිලධාරින්  වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) පත්කරන ලද දිනය වනවිට විදේශ සේවයට අයත් නිලධාරින්ගේ විදේශ සේවා පළපුරුද්ද හා අධ්‍යාපන සුදුසුකම් කවරේද;

 (iv) පත්කරන ලද දිනය වනවිට විදේශ සේවයට අයත් නොවන නිලධාරින්ගේ අධ්‍යාපන සුදුසුකම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?  

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-11

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks