පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
146/’18
ගරු චමින්ද විජේසිරි මහතා,— සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඌව පරණගම මැතිවරණ කොට්ඨාසයේ ගම්මාන රාශියක් දිවියන්ගේ තර්ජනයට ලක්වී තිබෙන බව දන්නේද;
(ii) එසේ නම්, එම ගම්මානවල නම් කවරේද;
(iii) එම ගම්මාන දිවියන්ගේ තර්ජනයෙන් මුදා ගැනීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-06-20
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) කලාතුරකින් ගෘහාශ්‍රිත සතුන් දිවියන් විසින් පැහැරගෙන යාමේ සිද්ධි ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන අතර, ඌව පරණගම ප්‍රදේශයේ එවැනි සිද්ධි වාර්තා වී ඇත්තේ 2017 වර්ෂයේදීය.
(ii) 2017 වර්ෂයේ දී ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුඩුගල, බෝමුරේ, මැදවෙල, කුට්ටිඅරාව, මැදගොඩ යන ගම්මාන ආශ්‍රිතව සිද්ධි වාර්තා වී ඇත.
(iii) අවසන් වරට 2017 වර්ෂයේදී දිවියන් විසින් ගෘහාශ්‍රිත සතුන් පැහැරගෙන යෑමේ සිද්ධි වාර්තා වූ පසු වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පහත පරිදි ක්‍රියා කිරීමට ග්‍රාමීය ජනතාව දැනුවත් කරන ලදී.
· ගම්මානයේ ගවයින් රාත්‍රි කාලයට ආරක්ෂිත ලෙස තම නිවෙස් අසලම රඳවා බැඳ තබා ගැනීමට අදාළ ගව හිමියන් දැනුවත් කිරීම.
· සුනඛයින් රක්ෂිත ප්‍රදේශ ආසන්නයට නොයවා ආරක්ෂිත ලෙස තම නිවෙස්වලට අසන්නව රඳවා තබා ගැනීම.
· රාත්‍රි කාලයට ගම්මානවලට දිවියන් පැමිණෙන්නේ යැයි සැක සහිත ස්ථාන ආශ්‍රිතව මාර්ග අසළ ගිනි මැල ගැසීම (ගිනි පැතිර නොයන ලෙසට) සහ හැකි පරිදි විදුලි පහන් දල්වා තැබීම. මීට අමතරව වනජීවි නිලධාරින් එම ප්‍රදේශවලට ගොස් ගම්වාසීන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින් සමඟ එක්ව අලිවෙඩි ගසා දිවියන් පලවා හැරීමට කටයුතු සිදු කරන ලදී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-06-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks