01

E   |     |  

 දිනය: 2010-11-29   පිළිතුර ලබා දී ඇත 

0731/2010: Tax Officer's Exam

0731/’10

ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ III පන්තියේ II ශ්‍රේණියේ බදු නිලධාරීන් බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2006 වර්ෂයේ පැවැත්වූ බවත්;

            (ii) එම විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 16,000 ක් අතරින්, 1000 ක පමණ පිරිසක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවූ බවත්:

           (iii) එම පිරිසෙන් 550 දෙනෙකුට 2007 වර්ෂයේ අප්‍රියෙල් 01 වන දින සිට පත්වීම් ප්‍රදානය කළ බවත්;

           (iv) එම පත්වීම්ලාභීන් අතර මෙම විභාගයට අදාළව  2006 වර්ෂයේ නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් දිනට උපාධි සහතිකය නොමැති අය සිටින බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) බදු නිලධාරීන් ලෙස ඉහත පත්වීම් ලැබූ  එක් එක් අපේක්ෂකයා‍ගේ නම, ලිපිනය සහ ලබා ගත් ලකුණු ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) 2006.12.08 දින පෙරවරු 9.30 ට සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි ජා-ඇල, නැගෙනහිර තුඩැල්ල, අංක 76/සී හි පදිංචි ඩබ්ලිව්. ඒ. එස්. එම්. සෝවිස් මහත්මිය එම විභාගයේ දී හා සම්මුඛ පරීක්ෂණයේ දී ලබාගත් ලකුණු ප්‍රමාණය කවරේද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-11-29

අසන ලද්දේ

ගරු ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා, පා.ම. , මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks