01

E   |     |  

 දිනය: 2019-02-22   පිළිතුර ලබා දී ඇත 

0121/2019: ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ වන කෘෂිකාර්මික ගොවිපොළවල් : විස්තර

121/’18

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කෘෂිකාර්මික ගොවිපොළ සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම ගොවිපළවල නම් හා ලිපිනයන් කවරේද;

(iii) එම එක් එක් ගොවිපළවල සේවය කරන කම්කරුවන්ගේ නම් හා ලිපිනයන් කවරේද;

(iv) එම කම්කරු පිරිස අතරින් දැනට සේවයේ ස්ථිර කොට ඇති සේවකයන් සංඛ්‍යාව කොපමණද;

(v) සෙසු කම්කරුවන්ද ස්ථිර කිරීමට අමාත්‍යාංශය පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-22

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්ත‍මේන්තුව යටතේ පාලනය වන කෘෂිකාර්මික ගොවිපොළ සංඛ්‍යාව තුනකි.  

              (ii)      • සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය, බිඳුණුවැව.

                •  දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය, බිබිල.

                •  රජයේ බීජ ගොවිපළ හා පුහුණු මධ්‍යස්ථානය, ඔක්කම්පිටිය.

(iii) එම එක් එක් ගොවිපොළවල සේවය කරන කම්කරුවන්ගේ නම් හා ලිපිනයන් ඇමුණුමෙහි දක්වා ඇත.

(iv) දැනට ගොවිපොළ කම්කරුවන් 131 දෙනෙක් සේවය කරන අතර, ඔවුන් අතරින් 130 දෙනෙකුගේ සේවය ස්ථිර කර ඇත. එක් සේවකයකු අනියම් කම්කරු පත්වීමක් මත සේවයේ යෙදී සිටින අතර, ඔහුගේ පත්වීම ස්ථිර කර නැත.

(v) මෙම තනතුර පළාත් රාජ්‍ය සේවයට අයත් වන බවත්, ස්ථිර කිරීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය නොමැති බැවින් ප්‍රමාද වී ඇති බවත් දන්වා ඇත.

එබැවින් අමාත්‍යාංශයට ඒ සම්බන්ධව වගකීමක් නොමැත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks