01

E   |   த   |  

 දිනය: 2019-03-15   පිළිතුර ලබා දී ඇත 

0079/2019: කුකුළු මස් නිෂ්පාදනය : විස්තර

79/’18

ගරු දයාසිරි ජයසේකර මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මෙරට මාසික පරිභෝජනය සඳහා අවශ්‍ය කුකුල් මස් ප්‍රමාණය කොපමණද;

            (ii)       මෙරට මාසික කුකුල් මස් නිෂ්පාදනය කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකාවට කුකුල් මස් ආනයනය කරනු ලබන රටවල් කවරේද;

(ii) මාසිකව ආනයනය කරනු ලබන මස් ප්‍රමාණය කොපමණද;

(iii) ශ්‍රී ලංකාවෙන් කුකුල් මස් අපනයනය කරනු ලබන රටවල් කවරේද;

(iv) මාසිකව අපනයනය කරනු ලබන මස් ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මස් නිෂ්පාදනය කරනු ලබන කුකුළු ගොවිපොළවල් වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති ප්‍රදේශ කවරේද;

 (ii) කුකුල් මස් කිලෝවක නිෂ්පාදනය පිරිවැය කොපමණද;

 (iii) මේ වනවිට වෙළඳපොළේ කුකුල් මස් කිලෝවක තොග මිල කොපමණද;

(iv) කුකුල් මස් නිෂ්පාදනය සහ අලෙවිය සඳහා රජයෙන් ලබා දී ඇති සහන කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-15

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)            (i)       මෙට්‍රික් ටොන් 17,855ක් පමණ වේ.

              (ii)       මෙට්‍රික් ටොන් 17,850කි.

(ආ)          (i)       තායිලන්තය සහ බ්‍රසීලය.

              (ii)       2018 වර්ෂයේ දී මෙට්‍රික් ටොන් 237.02ක් ආනයනය කර ඇත. ඒ අනුව මාසික සාමාන්‍ය කුකුළු මස් ආනයන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 19.75ක් පමණ වේ.

              (iii)       මාලදිවයින වෙත පමණි.

              (iv)       2018 වර්ෂයේ කුකුළු මස් මෙට්‍රික් ටොන් 171.75ක් අපනයනය කර ඇත. ඒ අනුව මාසික සාමාන්‍ය අපනයන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 14.31ක් පමණ වේ.

(ඇ) (i) කුකුළු ගොවිපොළවලින් 40%ක් පමණ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති අතර, 25%ක් පුත්තලම, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුළ පිහිටා ඇත.

(ii) කුකුළු මස් කිලෝග්‍රෑම් 1ක නිෂ්පාදන පිරිවැය 2019 වර්ෂයේ මාර්තු මාසයේදී රුපියල් 325.51කි.

(iii) 2019 වර්ෂයේ මාර්තු මාසයේදී කුකුළු මස් කිලෝග්‍රෑම් 1ක තොග මිල රුපියල් 380.00කි.

(iv) ශ්‍රී ලංකා රේගුව මඟින් 2017.02.16 දින නිකුත් කර ඇති අංක 02/2007 දරන ආදායම් සංරක්ෂණ නියෝගයේ අංක 08 සහ 36 යටතට ගැනෙන කුකුළු කර්මාන්තය සඳහා භාවිත කරනු ලබන උපකරණ සහ කුකුළු ආහාර සඳහා වන අමුද්‍රව්‍ය ආනයනයේදී ඒවා මත පනවා ඇති බදු නිදහස් කරනු ලැබේ.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2019-06-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks