පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
78/’18
ගරු දයාසිරි ජයසේකර මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 සහ 2017 වර්ෂවලදී ඇති වූ නියං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විනාශයට පත් වූ පොල් ගස් සංඛ්‍යාව පිළිබඳව සංගණනයක් කර තිබේද;
(ii) එසේ නම්, එම සංඛ්‍යාව කවරේද;
(iii) නියඟය හේතුවෙන් දැඩි හානියට ලක් වූ දිස්ත්‍රික්ක කවරේද;
(iv) එම හානිය මත පොල් නිෂ්පාදනයට සිදුව ඇති බලපෑම පැහැදිලි කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) විනාශ වූ පොල් ගස් වෙනුවට අලුතින් පැල සිටුවීමට මේ වනවිට පියවර ගෙන තිබේද;
(ii) එසේ නම්, බෙදා දී ඇති පොල් පැළ සංඛ්‍යාව කොපමණද;
(iii) එම පොල් පැළ සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දී තිබේද;
(iv) එසේ නම්, ඒ සඳහා රජය වැය කළ මුදල කොපමණද;
(v) නොඑසේ නම් පැළයක් සඳහා අය කළ මුදල කොපමණද;
(vi) මේ වනතෙක් පොල් පැළ ලබා දී නොමැති නම්, පොල් පැළ ලබාදෙනු ලබන දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-13
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) නියඟයෙන් හානියට ලක් වූ පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කර ඇත.
(ii) 175,000කි (එක්ලක්ෂ හැත්තෑපන්දහසකි.)
(iii) ප්‍රධාන වශයෙන් පුත්තලම හා කුරුණෑගල.
(iv) ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වාර්ෂික පොල් නිෂ්පාදනය මිලියන 2,800ක් (දෙදහස්අටසියයක්) පමණ වන අතර, 2017 වර්ෂයේ වාර්තා වූ පොල් ප්‍රමාණය මිලියන 2,450කි. (දෙදහස්හාරසියපනහකි.) මෙය සාමාන්‍ය වාර්ෂික පොල් අස්වැන්නට වඩා සියයට 12.5ක පමණ අඩුවීමකි.
· සාමාන්‍ය පොල් අස්වැන්නට සාපේක්ෂව 2018 වර්ෂය සැලකූ විට 2018 වර්ෂයේ ලැබූ පොල් අස්වැන්න මිලියන 2,736.9 (දෙදහස් හත්සිය තිස්හයයි දශම නවය)ක් බවට ගණනය කර ඇති අතර, එය සාමාන්‍ය අස්වැන්නට වඩා සියයට 2ක පමණ අඩු වීමකි.· 2017 වසරට සාපේක්ෂව 2018 වසරේ අස්වනු වැඩි වීමට හේතු වූයේ 2017 වසර අගදී හා 2018 වසර තුළදී පැවති හිතකර දේශගුණික සාධක වේ. කෙසේ වුවද සාමාන්‍ය වාර්ෂික අස්වැන්නට වඩා අඩු අගයක් 2018 වසරේදී පෙන්නුම් කරයි. · පොල් පර්යේෂණ ආයතනය විසින් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සිදු කළ අධ්‍යයනයකට අනුව නියඟයෙන් සිදු වන හානියේ තීව්‍රතාව තීරණය වනුයේ නියඟය පැවති දින ගණන හා නියඟයට පාත්‍ර වූ අක්කර ගණන අනුවයි. · වැඩි අක්කර ගණනක් සඳහා ඉතා අඩු නියං තත්ත්වයක් බලපෑවද එයින් මුළු අස්වැන්නට සිදු කරන බලපෑම ඉහළ අගයක් ගන්නා බව අනාවරණය විය. · ජල හිඟ තත්ත්ව යටතේ ගසක ආහාර නිපදවීමේ ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය සීමාකාරි වීමේ ප්‍රතිඵලයක් ලෙස පොල් ගසක වර්ධන ක්‍රියාවලිය කෙරෙහි මෙන්ම, එහි ප්‍රජනක කොටස්වල (මල් සහ ගෙඩි) වර්ධනය කෙරෙහි ද දැඩි බලපෑමක් ඇති කරයි.· මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉතා අඩු ඵලදාවක් හෝ ප්‍රමාණයෙන් කුඩා ගෙඩි සහිත දුර්වල ඵලදාවක් ඇති විය හැක. · ඒ අතරම වායුගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 33ට වඩා ඉහළ අගයකට වැඩි වීම, ස්ථිරවම ගැහැනු මල් (බැට්ටා) සහ පරාග ගුණාත්මක බව කෙරෙහි මෙන්ම, පරාගන ක්‍රියාවලිය කෙරෙහිද අහිතකර බලපෑම ඇති කරයි.· මෙහි ප්‍රතිඵලයක් ලෙස බැට්ටා වියළී යාම හෝ විශාල ලෙස බැට්ටා හැලී යාම සිදු වන අතර, එමඟින් අවසාන ජාතික පොල් අස්වැන්න කෙරෙහි දැඩි බලපෑම් ඇති කරයි.
(ආ) (i) පියවර ගෙන තිබේ.
(ii) පොල් ඉඩමේ විනාශ වන පොල් ගස් හෝ පොල් පැළවලින් ඇති වන පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා පාළු පැළ සිටුවීමේ වැඩසටහනක් පොල් වගාකිරීමේ මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරයි. එහි ප්‍රගතිය පහතින් දක්වා ඇත.
ඊට අමතරව ක්‍රමවත් පොල් වගාව සහ ගෙවතු වගාව ලෙසද පහත ලෙස දිවයින පුරා පොල් පැළ සිටුවා ඇත.
(iii) සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දී ඇත.
(iv)
(v) මුදල් අය කරගෙන නොමැත.
(vi) මේ වනවිට සහනාධාර යටතේ අවශ්‍ය ප්‍රමාණයට පොල් පැළ ලබා දී ඇත. 2019 වසරේදී පාළු පැළ ලෙස පොල් පැළ 200,000ක් (දෙලක්ෂයක්) සිටුවනු ලබන අතර, සෙසු වැඩසටහන් යටතේ පැළ 2,800,000 (දෙලක්ෂ අසූ දහසක්) සිටුවනු ලැබේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-03-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නවීන් දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks