පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
77/’18
ගරු දයාසිරි ජයසේකර මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ වාර්තාගත පොල් නිෂ්පාදනය;
(ii) එකී කාලසීමාව තුළ වාර්ෂිකව අපනයනය කළ පොල් ප්‍රමාණය;
(iii) එම කාලසීමාව තුළ වාර්ෂිකව ආනයනය කළ පොල් ප්‍රමාණය;
එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද ?
(ආ) (i) පසුගිය කාලයේදී අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොල් ඵලදාව අඩුවීම සම්බන්ධයෙන් පිළියම් යෙදීම සඳහා රජය ගෙන ඇති පියවර කවරේද;
(ii) ගොවීන් වෙත සහනාධාර පදනම යටතේ පොහොර ලබා දී තිබේද;
(iii) එසේ නම්, ලබා දුන් පොහොර ප්‍රමාණය සහ පොහොර ලබා දුන් ගොවීන් සංඛ්‍යාව කොපමණද;
(iv) ඒ යටතේ ආවරණය වන පොල් අක්කර ප්‍රමාණය කොපමණද;
(v) මෙතෙක්, පොහොර සහනාධාරය ලබා දී නොමැති නම්, ඒවා ලබා දෙනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-12
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i)
|
වර්ෂය |
පොල් නිෂ්පාදනය (ගෙඩි මිලියන) |
|
2015 |
3,056 (තුන්දහස් පනස්හය) |
|
2016 |
3,011 (තුන්දහස් එකොළහ) |
|
2017 |
2,450 (දෙදහස් හාරසිය පනහ) |
|
2018 |
2,736 (දෙදහස් හත්සිය තිස්හය) |
(ii)
|
වර්ෂය |
අපනයනය කළ පොල් (ගෙඩි) |
|
2015 |
13,204,000 (එක්කෝටි තිස්දෙලක්ෂ හාරදහස) |
|
2016 |
30,433,000 (තුන්කෝටි හාරලක්ෂ තිස්තුන්දහස) |
|
2017 |
10,232,000 (එක්කෝටි දෙලක්ෂ තිස්දෙදහස) |
|
2018 |
1,433,000 (දාහතර ලක්ෂ තිස්තුන්දහස) |
(iii) ගෙඩි පොල් ආනයනය කර නොමැත. (2018 වර්ෂයේ පමණක් අධිශීතකරණය කරන ලද පොල් මද මෙ. ටො. 2,582 (දෙදහස් පන්සිය අසූදෙක)ක් ආනයනය කර ඇත.
(ආ) (i) අයහපත් කාලගුණික තත්ත්වය යටතේ පවතින පොල් වගාව ආරක්ෂා කර ගැනීම උදෙසා පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් ප්‍රධාන වැඩසටහන් 3ක් ක්‍රියාත්මක කරන ලදී.
පොල් වගාව අයහපත් කාලගුණික තත්ත්වවලින් ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවේද පිළිබඳව වගාකරුවන් දැනුවත් කිරීම සඳහා ව්‍යාප්ති වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
තෙතමන සහ පාංශු සංරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් පොල් ඉඩම් පුනරුත්ථාපනය කිරීම සඳහා සහනාධාර ලබා දීම. (පොල් ඉඩම්වල ලෙලි වළවල් සැකසීම, පොහොර කවය වසුන් කිරීම, කාබනික පොහොර යෙදීම යනාදී කටයුතු)
පොල් ඉඩමේ ජල සම්පාදන පද්ධති ඉදිකිරීම සඳහා සහනාධාර ලබා දීම.
(ii) 2016 සහ 2017 වසරවලදී පොල් ගස් 8 සිට ගස් 160 දක්වා ඇති පොල් ඉඩම් සහිත ගොවීන් වෙත පොල් පොහොර මිලදී ගෙන පොල් වගාවට යෙදීම සඳහා සහනාධාර ලබා දී තිබේ.
(iii) පොහොර ලබා දී නොමැත. පොහොර සඳහා මූල්‍ය සහනාධාර ලබා දී ඇත.
|
වර්ෂය |
පොහොර යෙදූ ගස් සංඛ්‍යාව |
ගොවීන් ගණන |
සහනාධාර මුදල රු.මි. |
|
2016 |
8,839,272 (අසූඅටලක්ෂ තිස්නවදහස් දෙසිය හැත්තෑදෙක |
82,384 (අසූදෙදහස් තුන්සිය අසූහතර) |
495.00 (හාරසිය අනූපහ) |
|
2017 |
8,571,413 (අසූපන්ලක්ෂ හැත්තෑඑක්දහස් හාරසිය දහතුන) |
79,852 (හැත්තෑනවදහස් අටසිය පනස්දෙක) |
480.00 (හාරසිය අසූව) |
(iv)
|
වර්ෂය |
අක්කර ගණන (ගණනය කරන ලද) |
|
2016 |
138,113 (එක්ලක්ෂ තිස්අටදහස් එකසිය දහතුන) |
|
2017 |
133,928 (එක්ලක්ෂ තිස්තුන්දහස් නවසිය විසිඅට) |
(v) මේ වන විට රජයේ පොදු පොහොර සහනාධාරය ක්‍රියාත්මක වන බැවින් නැවත පොල් වගාව සඳහා පොහොර සහනාධාරයක් ලබා දීම අවශ්‍ය නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-03-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වඩිවේල් සුරේෂ් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks