01

E   |   த   |  

 දිනය: 2019-03-06   පිළිතුර ලබා දී ඇත 

0072/2019: 2018 මැයි මුල් කාලසීමාවේ ඇති වූ වසංගත උණ රෝගය: විස්තර

72/’18

ගරු දයාසිරි ජයසේකර මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2018 මැයි මුල් කාල සීමාවේදී ආරම්භ වූ වසංගත උණ රෝගී  තත්ත්වය ඇති වීමට හේතු කවරේද;

             (ii)       එම වසංගත රෝගී තත්ත්වයට ලක් වූ බවට වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව කොපමණද;

(iii) ඒ අතරින් රෝගී දරුවන් සංඛ්‍යාව කොපමණද; 

(iv) එම රෝගී තත්ත්වය මත මියගිය මුළු සංඛ්‍යාව කොපමණද;

(v) මියගිය දරුවන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එම රෝගයේ විශේෂ ලක්ෂණ කවරේද;

(ii) ඒ සඳහා ප්‍රමාණවත් ඖෂධ රෝහල් සතුව පැවතියේද;

(iii) රෝගය පාලනය කිරීම සඳහා රජය ගත් පියවර සඳහන් කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-06

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)      වෛරස මගින් බෝවන ඉන්ෆ්ලුවන්සා රෝගය සහ අනෙකුත් වෛරස් උණ මෙම තත්ත්වයට හේතු වී ඇත.

              (ii)      31,569යි. (තිස්එක්දහස් පන්සිය හැටනවයයි)

             (iii)      16,956යි. (දහසයදහස් නවසිය පනස් හයයි)

             (iv)      63යි. (හැට තුනයි)

              (v)      21යි. (විසි එකයි)

(ආ)         (i)      උණ, කැස්ස, හෙම්බිරිස්සාව, උගුරේ වේදනාව, සමහර දරුවන්ට මළපහ බුරුලට යාම වැනි රෝග ලක්ෂණ වේ.

(ii) ඔව්.

(iii) ඔව්.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් මඟින් පාසල් දරුවන්, මව්වරුන් හා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම;

රෝගය පැතිර ගිය ප්‍රදේශවල මහජනතාව හා පාසල් දරුවන් දැනුවත් කිරීම සඳහා ඉන්ෆ්ලුවන්සා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ පෝස්ටර්, පත්‍රිකා සහ සෞඛ්‍ය අධ්‍යාපන තොරතුරු මුද්‍රණය කොට බෙදා හැරීම;

රෝහල්වල බාහිර රෝගී අංශවල වසංගත රෝග ලක්ෂණ දක්වන ‍රෝගීන් වෙන් කොට ඉක්මනින් පරීක්ෂා කොට නිසි ප්‍රතිකාර ලබා දීම;

විශේෂ රසායනාගාර සේවා සහ විශේෂඥ වෛද්‍ය සේවා බාහිර රෝගී අංශය වෙත ලබා දීම;

රෝගීන්ගේ රුධිර පරීක්ෂා කිරීම; ඒ සඳහා අවශ්‍ය සාම්පල යැවීම සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය සහ පාරිභෝජ්‍ය ද්‍රව්‍ය වෛද්‍ය පරීක්ෂණ ආයතනයට සපයා ඇත.

නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සලසන නිලධාරින් සඳහා අවශ්‍ය විශේෂ වූ මුඛ ආවරණ දිවයින පුරා පිහිටි රෝහල් සඳහා නිකුත් කරන ලදී.

රෝහල්වල දැඩි සත්කාර පහසුකම් පුළුල් කිරීම.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2019-03-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks