පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
66/’18
ගරු දයාසිරි ජයසේකර මහතා,— නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත්, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පූගොල්ලාගම, බැලුම්ගල ප්‍රදේශයේ ඓතිහාසික වටිනාකමක් සහිත පුරාවිද්‍යා භූමියක් යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් විනාශ කර තිබේද;
(ii) එසේ නම්, එයට හේතු කවරේද;
(iii) අදාළ භූමිය තුළ පැරණි නෂ්ඨාවශේෂ දක්නට ලැබේද;
(iv) එම නෂ්ඨාවශේෂ කවර කාලවකවානුවකට අයත්දැයි අනුමාන කර තිබේද;
(v) එම භූමියේ අයිතිකරුවන් කවුරුන්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම කාර්ය සඳහා අවසර ලබාදුන් නිලධාරියා කවුරුන්ද;
(ii) එම කාර්ය සිදුකිරීම සඳහා පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවේ අවසරය ලබා දී තිබේද;
(iii) යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් මෙම පුරාවිද්‍යා ස්ථානය විනාශ කිරීමට දායකත්වය දැක්වූවන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-07
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks