පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
65/’18
ගරු දයාසිරි ජයසේකර මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට කිරි ගවයන් ආනයනය කිරීමේදී එක් ගවයෙක් සඳහා ඇස්තමේන්තු කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඉහත (i) හි සඳහන් කිරි ගවයන් ආනයනය කිරීමේදී ගෙවන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වශයෙන් කොපමණද;
(iii) ආනයනික කිරි ගවයන්ගෙන් ප්‍රයෝජන ගත නොහැකි සහ මරණයට පත් වූ ගවයන් සංඛ්‍යාව කොපමණද;
(iv) ආනයනය කරන ලද කිරි ගවයන් වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වැය කරන ලද මුදල කොපමණද;
(v) පෞද්ගලික ව්‍යවසායකයන්ට අලෙවි කිරීමේදී එක් කිරි ගවයෙක් සඳහා අය කළ මුදල කොපමණද;
(vi) කිරි ගවයන් ලබාදීමට පෞද්ගලික ව්‍යවසායකයන් තෝරා ගැනීමේදී සලකා බලන ලද නිර්ණායක කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-06
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) වර්ෂ 2015දී එළ දෙනුන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ රිදියගම රජයේ ගොවිපළ වෙත එළ දෙනුන් 2,489ක් ආනයනය කර ලබා දෙන ලදී.
2015දී ආනයනය කරන ලද එළ දෙනකුගේ වටිනාකම - රුපියල් 397,305.55 (ඇමෙරිකානු ඩොලර් 3,032.87)කි.
වර්ෂ 2017දී එළ දෙනුන් 20,000ක් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ එළ දෙනුන් 5,000ක් ආනයනය කර පෞද්ගලික ව්‍යවසායකයන් වෙත සහනාධාර ක්‍රමයට ලබා දෙන ලදි.
එසේ ලබා දෙන ලද එළ දෙනකුගේ වටිනාකම - රුපියල් 463,481.86 (ඇමෙරිකානු ඩොලර් 3,031.67)කි.
(ii) 2015 - රුපියල් මිලියන 992.47 (ඇමෙරිකානු ඩොලර් මිලියන 7.5)කි.
2017 - රුපියල් මිලියන 2317.41 (ඇමෙරිකානු ඩොලර් මිලියන 15.16)කි.
(iii) වර්ෂ 2015දී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වෙත ආනයනය කරන ලද සතුන් අතුරින් වර්ෂ 2015 ජුලි සිට වර්ෂ 2019 ජනවාරි දක්වා මියගිය ආනයනික එළ දෙනුන් සංඛ්‍යාව 406කි. මීට අමතරව මෙම කාලය තුළ පැටවුන් 902ක් මියගොස් ඇති අතර, එහිදී වැඩිපුර මියගොස් ඇත්තේ පිරිමි පැටවුන්ය. වර්ෂ 2015 ජුලි සිට වර්ෂ 2019 ජනවාරි දක්වා ආර්ථිකව ඵලදායී නොවන එළ දෙනුන් සංඛ්‍යාව 287කි. වර්ෂ 2017දී පෞද්ගලික ව්‍යවසායකයන් වෙත ආනයනය කරන ලද සතුන් අතුරින් වර්ෂ 2017 මැයි සිට 2019 ජනවාරි දක්වා මියගිය එළ දෙනුන් සංඛ්‍යාව 391කි. මීට අමතරව මෙම කාලය තුළ පැටවුන් 670ක් මියගොස් ඇති අතර, එහිදී වැඩිපුර මියගොස් ඇත්තේ පිරිමි පැටවුන්ය.
වර්ෂ 2017 මැයි සිට වර්ෂ 2019 ජනවාරි දක්වා ආර්ථිකව ඵලදායී නොවන එළ දෙනුන් සංඛ්‍යාව 103කි.
(iv) වර්ෂ 2015 රිදියගම ගොවිපොළ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1724.5කි. (ඇමෙරිකානු ඩොලර් මිලියන 13.16)කි. වර්ෂ 2017 ආනයනය කරන ලද එළ ගවයින් සඳහා යටිතල පහසුකම් සංවර්ධනය අදාළ පෞද්ගලික ව්‍යවසායකයන් විසින් දරන ලදී.
(v) රුපියල් 200,000කි.
(vi) සාර්ථක කිරි ගව ගොවිපොළක් පවත්වා ගැනීමේ හැකියාව, ආයෝජන හැකියාව, නිර්දේශිත ප්‍රමාණයට ජලය හා ආහාර සපයා ගැනීමේ හැකියාව, නිර්දේශිත පරිදි ඉඩම් හා පාරිසරික තත්ත්ව සපුරා තිබීම, ප්‍රමාණවත් සේවක පිරිසක් සිටීම.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-03-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks