04

E   |     |  

 දිනය: 2019-02-05   පිළිතුර ලබා දී ඇත 

0064/2019: Prisoners in Death Row / or was pardoned

64/’18

ගරු දයාසිරි ජයසේකර මහතා,— අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)         (i)      මේ වනවිට මරණ දඬුවම නියමව බන්ධනාගාරගත කර ඇති සිරකරුවන් සංඛ්‍යාව කොපමණද;

             (ii)      වර්ෂ 2010 සිට මේ දක්වා මරණ දඬුවම නියම වූවන්ගෙන් ජීවිත සමාව ලැබ නිදහස් වූ සිරකරුවන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව කොපමණද;

(iii) මරණ දඬුවම අහෝසි කළ කාලසීමාවේදී ක්‍රියාත්මක කරන ලද, වසර 4 හෝ 8ක කාලය සමාලෝචනය කිරීම මඟින්,  මරණ දඬුවමට යටත්ව ජීවිතාන්තය දක්වා සිරගතවූවන්ට පොදු සහන ලබා දීමේ ක්‍රමය මේ වනවිටත් ක්‍රියාත්මක වන්නේද;

(iv) නොඑසේ නම්, එයට හේතු කවරේද;

(v) මරණ දඬුවමට ලක්වූවන් නිදහස් කිරීමේදී ඔවුන්ට වඩා වැඩි කාලයක් එම දඬුවමට මුහුණු දුන් යහපත් කල් ක්‍රියාවෙන් පසු වූවන් නිදහස් කර නොතිබේද;

(vi) එසේ නම්, එයට හේතු සඳහන් කරන්නේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-05

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks