04

E   |     |  

 දිනය: 2019-03-23   පිළිතුර ලබා දී ඇත 

0025/2019: ග්‍රාමීය කර්මාන්ත ශක්තිමත් කිරීම : ක්‍රියාමාර්ග

25/’18

ගරු හේෂා විතානගේ මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කර්මාන්ත දියුණු කිරීම සඳහා රජය අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

             (ii)       මේ වනවිට ඒ සඳහා වැය කර ඇති මුදල කොපමණද;

(iii) ග්‍රාමීය කර්මාන්ත පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති ප්‍රමාණවත් වන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-23

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක වේ.

1. සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධනය කිරීම.

2. මැටි භාණ්ඩ නිෂ්පාදන ගම්මාන සංවර්ධනය කිරීම.

3. කිතුල් කර්මාන්තය සංවර්ධනය කිරීම.

4. ග්‍රාමීය යටිතල පහසුකම් හා ජීවනෝපාය සංවර්ධනය කිරීම

(ii) 2016 සිට 2019 වසර දක්වා රුපියල් මිලියන 1567ක් වැය කර ඇත.

(iii) ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති තුළින් ප්‍රතිලාභීන් සඳහා ප්‍රතිලාභ ලැබී ඇත. එහෙත් තිරසර පැවැත්ම සඳහා නව ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුව ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-03-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks