04

E   |     |  

 දිනය: 2019-03-21   පිළිතුර ලබා දී ඇත 

0021/2019: ගොඩකවෙල, වේරහැර ජල ව්‍යාපෘතිය: ඉදිකිරීම් කටයුතු

21/’18

ගරු හේෂා විතානගේ මහතා,— නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       රත්නපුර දිස්ත්‍රික්කයේ, ගොඩකවෙල, වේරහැර ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කළද එය අතරමග නවතා දමා ඇති බවත්;

            (ii)       ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාවකට පත්වී ඇති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) සැලසුම් කළ පරිදි එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීම කඩිනම් කරන්නේද;

(ii) ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබේද;

(iii) එසේ නම්, එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-21

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       එම ප්‍රදේශය සඳහා ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ජල සම්පාදන හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ව්‍යාපෘතියක් දැනට සැලසුම්කොට නොමැත.

              (ii)       අදාළ නොවේ.

(ආ)        (i)       අදාළ නොවේ.

              (ii)       අදාළ නොවේ.

             (iii)       අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-03-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks