පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
16/’18
ගරු හේෂා විතානගේ මහතා,— අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින රජයේ අධිනීතීඥවරුන් සංඛ්‍යාව සහ රජයේ නීතීඥවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම් ප්‍රමාදයකින් තොරව කාර්යක්ෂම ලෙස ඉටුකිරීම සඳහා අවශ්‍ය රජයේ අධිනීතීඥවරුන් සහ රජයේ නීතීඥවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) නීතිපති දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-12
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, (අ) ප්‍රශ්නයේ (i) වන සහ (ii) වන පිළිතුර මම සභාගත* කරනවා.
(iii) 01. රජයේ අධිනීතිඥ තනතුරට නිලධාරින් 50දෙනෙකු බඳවා ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
02. සහකාර රජයේ අධිනීතිඥ පරිවාස තනතුර සඳහා නිලධාරින් 30දෙනෙකු බඳවා ගැනීම සඳහාද අවශ්‍ය පියවර ගෙන ඇත.
03. රාජ්‍ය නීතිඥ තනතුරට හා සහකාර රාජ්‍ය නීතිඥ තනතුරට උසස් කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණ මණ්ඩල රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් අනුමත කරගෙන ඇති අතර, ඉදිරි කටයුතු කිරීමට පියවර ගෙන ඇත.
(ආ) අදාළ නොවේ.
* සභාමේසය මත තබන ලද, පිළිතුරේ (අ) (i) සහ (ii) කොටස:
* சபாபீடத்தில் வைக்கப்பட்ட (அ) விடையின் (i) மற்றும் (ii) பிரிவுகள் :
* Answer tabled for (a) (i) and (ii) :
|
තනතුර |
අනුමත කාර්ය මණ්ඩලය |
දැනට සිටින කාර්ය මණ්ඩලය |
පුරප්පාඩු සංඛ්‍යාව |
|
නීතිපති |
01 |
01 |
- |
|
සොලිසිටර් ජනරාල් |
01 |
01 |
- |
|
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් |
02 |
02 |
- |
|
අතිරේක සොලිසිටර් ජනරාල් |
09 |
09 |
- |
|
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් |
09 |
09 |
- |
|
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් |
19 |
17 |
02 |
|
ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ |
56 |
36 |
20 |
|
රජයේ අධිනීතිඥ |
218 |
140 |
78 |
|
සහකාර රජයේ අධිනීතිඥ(පරිවාස) |
130 |
07 |
123 |
|
ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ |
01 |
01 |
- |
|
රාජ්‍ය නීතිඥ |
02 |
01 |
01 |
|
ජ්‍යෙෂ්ඨ සහකාර රාජ්‍ය නීතිඥ |
06 |
06 |
- |
|
සහකාර රාජ්‍ය නීතිඥ |
18 |
06 |
12 |
|
කනිෂ්ඨ සහකාර රාජ්‍ය නීතිඥ |
28 |
12 |
16 |
පිළිතුරු දුන් දිනය
2019-03-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks