පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
15/’18
ගරු හේෂා විතානගේ මහතා,— නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2017 වර්ෂයේදී ප්‍රථම උපාධිය සහ පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගෙන ඇති විදේශීය ශිෂ්‍යයන් සංඛ්‍යාව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ප්‍රථම උපාධිය හා පශ්චාත් උපාධිය හැදෑරීමට ඇතුළත් වූ ඉහත ශිෂ්‍ය සංඛ්‍යාව, එක් එක් විශ්වවිද්‍යාලය සහ උපාධි පාඨාමාලාව අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) 2017 වර්ෂයේදී ඉහත සඳහන් ශිෂ්‍යයන් ඇතුළත්වීම මඟින් ලැබූ ආදායම කොපමණද;
(iv) ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සඳහා තවදුරටත් වැඩි විදේශීය ශිෂ්‍ය සංඛ්‍යාවක් ඇතුළත් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-11
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i)
|
උපාධි පාඨමාලාව |
සිසුන් සංඛ්‍යාව |
|
ප්‍රථම උපාධිය |
26 |
|
පශ්චාත් උපාධිය |
341 |
(ii) ඇමුණුම 01 යටතේ දක්වා ඇත. එම ඇමුණුම සභාගත* කරනවා.
(iii)
|
උපාධි පාඨමාලාව |
ලැබූ ආදායම රුපියල් |
|
ප්‍රථම උපාධිය |
15,712,580.00 |
|
පශ්චාත් උපාධිය |
59,638,660.61 |
|
මුළු ආදායම |
75,351,240.61 |
(iv) ඔව්.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-03-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks