පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
7/’18
ගරු හේෂා විතානගේ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සබරගමුව පළාතේ දැනට සේවයේ නියුතු උපාධිධාරි ගුරුවරුන් සහ විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරි ගුරුවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) යහපාලන රජය බලයට පත් වීමෙන් පසුව සබරගමුව පළාතට අනුයුක්ත කළ උපාධිධාරී ගුරුවරුන් සංඛ්‍යාව සහ එම කාල සීමාව තුළ බඳවාගත් උපාධිධාරී ගුරුවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) සබරගමුව පළාතේ පවතින උපාධිධාරී සහ විද්‍යාපීඨ ගුරු හිඟය පියවීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-21
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) උපාධිධාරි ගුරුවරුන් සංඛ්‍යාව -11,635
විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරි ගුරුවරුන් සංඛ්‍යාව - 12,981
(ii)
|
වර්ෂය |
2015 |
2016 |
2017 |
2018 |
එකතුව |
|
1. රේඛීය අමාත්‍යාංශය මඟින් ජාතික පාසල් සඳහා බඳවාගත් උපාධිධාරින් |
15 |
75 |
74 |
62 |
226 |
|
2. රේඛීය අමාත්‍යාංශය මඟින් බඳවාගෙන අනුයුක්ත කළ උපාධිධාරින්(පළාත් පාසල් සඳහා) |
36 |
22 |
00 |
31 |
89 |
|
3. බඳවා ගැනීම් පළාත් සභාව (පළාත් පාසල් සඳහා) (සබරගමු පළාත් සභාවේ අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්ගේ අංක ME/E/10/7 හා 2018.10.08 දිනැති ලිපියට අනුව) |
896 |
1,852 |
396 |
00 |
3,141 |
|
එකතුව |
947 |
1,949 |
467 |
93 |
3,456 |
(iii) ඔව්.
උපාධිධාරින් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ, රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින ආයතනවල සේවය කරනු ලබන සංවර්ධන සහකාර, මූල්‍ය/ සැලසුම් සහකාර සහ සංවර්ධන නිලධාරින්, සබරගමුව පළාතේ ජාතික පාසල්වල පවතින භාෂාව හා කලා විෂයයන් සඳහා වන ගුරු පුරප්පාඩු 116ක් සඳහා පත් කිරීමට කටයුතු කරනු ලැබේ.
එහි දෙවැනි අදියර යටතේ වෘත්තීය විෂයයන් සඳහා උපාධිධාරී ගුරුවරු 123දෙනෙක් බඳවා ගත් අතර, එහිදී ජාතික පාසල් සඳහා උපාධිධාරි ගුරුවරු දෙදෙනෙක්ද, පළාත් පාසල් සඳහා උපාධිධාරී ගුරුවරු දෙදෙනෙක්ද පළාත් සභාවට අනුයුක්ත කරන ලදී.
තවද, දහතුන් වසරක සහතික කරන ලද ඇතැම් වෘත්තීය විෂයයන් සඳහා සුදුසුකම් ලත් උපාධිධාරින් ප්‍රමාණවත් තරම් නොමැති බැවින්, ඩිප්ලෝමාධාරින් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත කටයුතු කරගෙන යනු ලැබේ. ඒ අනුව මෙම වර්ෂයේදී උක්ත වැඩසටහන යටතේ සබරගමුව පළාතේ ගුරු පුරප්පාඩු සඳහා ගුරුවරුන් අනුයුක්ත කරනු ලැබේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-02-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks