පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5/’18
ගරු හේෂා විතානගේ මහතා,— නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2010 - 2015 කාලය තුළ ආරම්භ කරනු ලැබූ උදාගම් නිවාස ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
(ii) එම නිවාස ව්‍යාපෘතිවල නිවාස ප්‍රතිලාභීන් තෝරා ගැනීමට අනුගමනය කරනු ලැබූ ක්‍රමවේදය කවරේද;
(iii) අදාළ ව්‍යාපෘති හරහා ප්‍රතිලාභීන් ලෙස සහන ලැබූ සංඛ්‍යාව කොපමණද;
(iv) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා රටේ නිවාස නොමැති ජනතාව වෙනුවෙන් ප්‍රමාණවත් සහයෝගයක් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පැහැර හැර ඇති බව පිළිගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-20
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) 43කි. මෙම නිවාස ව්‍යාපෘති 43ම 2015 වර්ෂයේ දී ආරම්භ කරන ලදී.
(ii) දිස්ත්‍රික් කළමනාකරුවන්ගේ නිර්දේශ හා ප්‍රාදේශීය ලේකම්ගේ ඉඩම් කච්චේරි ක්‍රමය තුළින් තෝරා ගෙන ඇත.
(iii) ව්‍යාපෘති 43ක් තුළ ප්‍රතිලාභින් 1067කට සහන සලසා ඇත.
(iv) නැත.
(ආ) රටේ නිවාස නොමැති ජනතාව වෙනුවෙන් ප්‍රමාණවත් සහයෝගයක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ලබාදී ඇත.
පිළිතුරු දුන් දිනය
2019-06-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks