බලන්න

04

E   |     |  

 දිනය: 2019-02-06   පිළිතුර ලබා දී ඇත 

0002/2019: බලශක්ති කළමනාකරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය : කාර්යභාරය

2/’18

ගරු හේෂා විතානගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       බලශක්ති කළමනාකරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය පිහිටුවනු ලැබූ නීතිමය පදනම කවරේද;

(ii) එම ආයතනය ආරම්භ කිරීමෙන් පසු ඉටු කරන ලද ප්‍රධාන කාර්යය කවරේද;

(iii) එම ආයතනය වෙනුවෙන් කරන ලද ආයෝජනයට සාපේක්ෂව, ප්‍රතිඵලයක් නොලැබී ඇති බව පිළිගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-06

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) එවකට සිටි බලශක්ති ඇමතිවරයාගේ කාලයේදී අමාත්‍යාංශය තුළින් කරන ඒ ජනනය කිරීම් බොහෝ සෙයින් ඇනහිට තිබුණා. ඒ කියන්නේ, දැනට අවුරුදු 5කට කලින් මෙගාවොට් එකක්වත් ජනනය කරන්න බැරි වෙලා තිබුණා. ඒ කාර්යය තමන් අතට ගෙන කටයුතු කරන්න තමයි ජනාධිපති කාර්ය සාධන බලකාය බලාපොරොත්තු වෙලා සිටියේ.

(ii) එය ආරම්භ කිරීමෙන් පසු ඉටු කළ කාර්ය භාරය ගැන කිව්වොත්, තවම නිශ්චිත වශයෙන් සාර්ථකත්වයක් ලැබී නැති වුණත්, දැන් එම විෂයයන් දෙකම එක අමාත්‍යාංශයක් යටතේ තිබෙන නිසා, පුළුවන් තරම් සාර්ථකත්වයක් ලබා ගන්න අපි කටයුතු කරගෙන යනවා.

ප්‍රශ්නයේ (අ) (iii) යටතේ අහලා තිබෙනවා, "එම ආයතනය වෙනුවෙන් කරන ලද ආයෝජනයට සාපේක්ෂව, ප්‍රතිඵලයක් නොලැබී ඇති බව පිළිගන්නේද?" කියා‍. මේකේ ලාභයකුත් නැහැ, අලාභයකුත් නැහැ. අලාභයක් තිබුණත්, නැතත් එහි වෙනසක් නැති එක තමයි තිබෙන ප්‍රශ්නය වන්නේ. නමුත් දැන් අර්ථවත්ව මේ කටයුත්ත ඉදිරියට ගෙනි යන්න ක්‍රියා කරගෙන යනවා. තාප බලාගාර සහ පුනර්ජනනීය බලශක්තිය ඇති කිරීමෙන් 2013 සිට අද දක්වා මෙගාවොට් 100ක් තමයි එකතු කර තිබෙන්නේ. ඒ ප්‍රමාණයත් ලැබිලා තිබෙන්නේ අපි බලයට ඇවිල්ලා මේ කටයුතු කළාට පසුවයි. අපි තාප බලාගාර දෙකක් හදන්න පසු ගිය සුමානේ කැබිනට් මණ්ඩලයත් සමඟ සාකච්ඡා කර තිබෙනවා. මොනවාද කරන්න තිබෙන්නේ කියන එක තමයි මම හිතන්නේ ඒ ගොල්ලන් අදහස් කළේ.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-03-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks