පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0708/’10
ගරු දුනේෂ් ගන්කන්ද මහතා,— විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2005 සිට 2010 අගෝස්තු දක්වා කාල සීමාවේදී කොරියානු රජය මගින් ශ්‍රී ලංකාවට ලබා දුන් විදේශ රැකියා සංඛ්‍යාව එක් එක් වර්ෂය සඳහා, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම රැකියා අවස්ථාවක් ලබා ගැනීමට පුද්ගලයකු විසින් අනුගමනය කළයුතු ක්‍රියා පටිපාටිය කවරේද;
(iii) එම රැකියා සඳහා පිටත්වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව දිස්ත්‍රික් මට්ටමින්, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) කොරියානු රැකියාවක් සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා දැනට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වී සිටින සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වූ කොරියානු රැකියා අපේක්ෂකයෙකුගේ ලියාපදිංචිය වලංගුවන කාල සීමාව කවරේද;
(ii) ඉහත ලියාපදිංචිය අවලංගු වූ රැකියා අපේක්ෂකයෙකු කොරියාවේ රැකියාවක් ලබා ගැනීම සඳහා නැවත අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග කවරේද;
(iii) ඉදිරියේදී මේ සඳහා පුද්ගලයින් තෝරා ගැනීමේදී දැනට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිවී සිටින රැකියා අපේක්ෂකයින් හට ප්‍රමුඛත්වය ලබා දෙන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-11-29
අසන ලද්දේ
ගරු දුනේෂ් ගන්කන්ද මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks