01

E   |     |  

 දිනය: 2010-12-03   පිළිතුර ලබා දී ඇත 

0698/2010: Grama Niladari Divisions in the Country

0698/’10 4. ගරු බුද්ධික පතිරණ මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) දැනට ශ්‍රී ලංකාව තුළ ඇති ග්‍රාම නිලධාරී කොට්ඨාස සංඛ්‍යාව කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ආ) (i) ග්‍රාම නිලධාරී තනතුරෙහි පුරප්පාඩු පවතින කොට්ඨාසවල වැඩ බලන ග්‍රාම නිලධාරීන්ට ගෙවනු ලබන දීමනාව ඔහුගේ/ඇයගේ මුල් පත්වීම ලබන අවස්ථාවේ ලැබූ මූලික වැටුපෙන් 1/4 ක් බවත්; (ii) එම පදනම මත වැඩ බැලී‍මේ දීමනාව ගෙවීම නිසා ‍මීට වසර 10 - 15 ට පෙර පත්වීම් ලැබූ ග්‍රාම නිලධාරීන්ට ලැබෙන එම දීමනාව ඉතා අල්ප මුදලක් බැවින් එවැනි නිලධාරීන්ට මුල්‍යමය අසාධාරණයක් සිදුවන බවත්; එතුමා පිළිගන්නෙහිද? (ඇ) (i) එවැනි නිලධාරීන්ට සාධාරණයක් ඉටු කිරීම සඳහා එතුමා කටයුතු කරන්නේද; (ii) එ‍සේ නම්, ඊට අදාළව පියවර ගනු ලබන දිනය කවරේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2010-12-03

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks