පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0664/’10 ගරු අනුර දිසානායක මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) ආරම්භයේදී වී අලවි මණ්ඩලය සතුව තිබූ (i) ගබඩා සංඛ්‍යාව කොපමණද; (ii) එක් එක් ගබඩාව පිහිටි ස්ථාන කවරේද; (iii) එම ගබඩාවල ධාරිතාව වෙන වෙනම කොපමණද; (iv) එක් එක් ගබඩාවේ සේවය කළ සේවක සංඛ්‍යාව කොපමණද; (iii) වාහන සංඛ්‍යාව කොපමණද ; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ආ) අද වන විට රජය සතු (i) වී ගබඩා සංඛ්‍යාව කොපමණද; (ii) වී ගබඩා පිහිටි ස්ථාන කවරේද; (iii) එක් එක් ගබඩාවේ ධාරිතාව හා සේවක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද; (iv) වී මිළදී ගැනීම සඳහා වෙන් කළ වාහන වර්ග සහ සංඛ්‍යාව කවරේද; යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද? (ඇ) පසුගිය වර්ෂ 5 තුළ (i) යල හා මහ කන්නවලදී එක් එක් ගබඩාව මිලදී ගත් වී ප්‍රමාණ වෙන් වෙන් වශයෙන් කොපමණද; (ii) වී ගැණුම් මිල කොපමණද; (iii) වී විකුණුම් මිල කොපමණද; (iv) ඉහත කාල සීමාව තුළ මිලදීගත් වී තොගවලින් විනාශ වූ වී ප්‍රමාණයන් කොපමණද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-01-18
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks