01

E   |     |  

 දිනය: 2018-09-19   පිළිතුර ලබා දී ඇත 

1108/2018: 1998 වසරේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ උසස්වීම් : අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය

1108/’18

ගරු විජිත හේරත් මහතා,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       1998 වර්ෂයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයේ, දෙවන පංතියේ, II වැනි ශ්‍රේණියට කුසලතා පදනම මත උසස් කර පුරප්පාඩු පිරවීමේදී නිලධාරීන් දසදෙනෙකුට පමණ අසාධාරණයක් සිදුවී ඇති බවත්;

(ii) ආයතන සංග්‍රහයේ විධිවිධාන සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ නොසලකා හරිමින් සේවා ව්‍යවස්ථාවේ උසස්වීම් ක්‍රමවේදයට සම්පූර්ණයෙන්ම පරිබාහිරව ද්විත්ව උසස්වීම් ලෙස තනතුරු පුරප්පාඩු ඇතිවීමෙන් වසර හතක් පමණ ප්‍රමාද කර විභාගයක් පවත්වා උසස්වීම් ලබාදීම හේතුවෙන් ඔවුන්ට අසාධාරණයක් සිදු වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) කිසියම් නිලධාරියෙකුගේ සේවයේ අවසන් කාලය වනවිට හෝ විශ්‍රාම ගිය පසු මෙම උසස්වීම ලබා දෙන බැවින් අදාළ නිලධාරින් ඒ සඳහා යොමු නොකළේ මන්ද;

(ii) එසේ අසාධාරණයට ලක් වූ නිලධාරීන්ට සාධාරණය ඉටු කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-09-19

අසන ලද්දේ

ගරු විජිත හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      අසාධාරණයක් සිදු වී නොමැත.

              (ii)      1994 වසරට අදාළ විභාගයේ බඳවා ගැනීම් සම්බන්ධව වෘත්තීය සමිති එරෙහිවීම මත 1998 වසරේ බඳවා ගැනීම්ද ප්‍රමාද වී ඇත.

(ආ)         (i)      බඳවා ගැනීම්, උසස්වීම් ලබා දෙන දිනට පෙර විශ්‍රාම ගිය නිලධාරින්ට පත්වීම්, උසස්වීම් ලබා නොදෙන බැවින් අදාළ නොවේ.

              (ii)      ඉහත (අ) අනුව අදාළ නොවේ.

(ඇ)     ඉහත (අ), (ආ) අනුව පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2018-09-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks