01

E   |     |  

 දිනය: 2010-11-25   පිළිතුර ලබා දී ඇත 

0631/2010: Reaserch for oil in Sourthern Coast

0631/’10

ගරු අනුර දිසානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  

(අ)         (i)      ලංකාවේ දකුණු අක්වෙරළේ අවසාධිත ද්‍රෝණි 2 හි ඛනිජ තෙල් පැවැතීම               සම්බන්ධව කරන ලද පර්යේෂණයන්හි ප්‍රතිඵල කවරේද;

            (ii)        එම පර්යේෂණයේ ලිඛිත තොරතුරු / සටහන් ඇත්නම්  ඉදිරිපත් කරන්නේද;

        (iii) එම පර්යේෂණ සම්බන්ධයෙන් වගකියන ආයතනය හෝ එකී වගකීම පැවරූ ආයතනයේ නම කවරේද;

        (iv) එම ආයතනය විසින් ලබාදුන් තොරතුරුවල වගකීම දරන ලංකාවේ විද්‍යාඥයින් සිටින්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මෙම දකුණු වෙරළේ ඛනිජ තෙල් සම්බන්ධයෙන් ඉන්දියාව හෝ වෙනත් රටක් සමග ගිවිසුම් අත්සන් කර තිබේද;

        (ii) එසේ නම්,  එය මේ සභාවට ඉදිරිපත් කරන්නේද;

       (iii) නොඑසේ නම්, ඉදිරියේදී ඉන්දියාව හෝ වෙනත් රටක් සමග ගිවිසුමක් අත්සන් කිරීමට රජය තීරණය කර තිබේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-11-25

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks