01

E   |     |  

 දිනය: 2010-11-24   පිළිතුර ලබා දී ඇත 

0628/2010: Agriculture Instructors

0628/’10

ගරු අනුර දිසානායක මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකාවේ සිටින කෘෂිකර්ම උපදේශකවරුන් සංඛ්‍යාව කොපමණද;

             (ii)      ඔවුන් සේවයට බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය කවරේද‍;

           (iii)      කෘෂිකර්ම උපදේශක ශ්‍රේණි හා ඊට අදාළ ශ්‍රේණි සඳහා බඳවා ගැනීමේ සුදුසුකම් කවරේද;

යන්න එතුමා මේ සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) පළාත් අනුව සිටිය යුතු කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සංඛ්‍යාව වෙන් වෙන්               වශයෙන් කොපමණද ;

         (ii) ඌව පළාත් සභාවට බඳවාගත් කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සංඛ්‍යාව                 කොපමණද;

         (iii) කෘෂිකර්ම උපදේශක පුහුණු හා කෘෂිකර්ම ඩිප්ලෝමාවේදීන් අතර සමානත්වයක් පවතින්නේද;

         (iv) කෘෂිකර්ම උපදේශක පුහුණු ශ්‍රේණිය සඳහා අවශ්‍ය සුදුසුකම් කවරේද;

         (v) කෘෂිකර්ම ඩිප්ලෝමාවේදීන්, කෘෂිකර්ම උපදේශක තනතුරට බඳවා ගැනීම සඳහා ක්‍රියා පටිපාටියක් ති‍බේද;

යන්න එතුමා මෙම  සභාවට දන්වන්නෙහිද?             

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-11-24

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks