01

E   |     |  

 දිනය: 2010-11-27   පිළිතුර ලබා දී ඇත 

0626/2010: Banking Asst.s for CBSL

0626/’10

ගරු බුද්ධික පතිරණ මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2009 නොවැම්බර් මස 13 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවට බැංකු සහායකයින් බඳවා ගැනීම සඳහා පැවත්වූ තරග විභාගයට ඉදිරිපත් වූ  මුළු විභාග අපේක්ෂකයින් සංඛ්‍යාව කොපමණද;

     (ii) එම විභාගයෙන් සමත්වූ සංඛ්‍යාව කොපමණද;

     (iii) එහි ප්‍රතිඵල මත මේ වන විට මහ බැංකුවට බැංකු සහායකයන් බඳවා ගෙන තිබේද;

     (iv) එසේ නම්, එම සංඛ්‍යාව කොපමණද;

යන්න  එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) ඉහත විභාගයේ ප්‍රතිඵල මෙතෙක් විභාග අපේක්ෂයන්ට පෞද්ගලිකව නිකුත් කර නොමැති බව එතුමා දන්නෙහිද?

(ඇ) එසේ නම්, ඊ‍ට හේතු කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

අසන ලද දිනය

2010-11-27

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks