පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0625/’10
ගරු අශෝක් අබේසිංහ මහතා,— තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) නව නිර්මාණකරුවන් විසින් තමන්ට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නව නිමැයුම්කරුවන්ගේ කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති පැමිණිලි පිළිබඳව එතුමිය දන්නෙහිද?
(ආ) (i) නව නිර්මාණකරුවන් වන ව්‍යාපාරික සෙනෙවිරත්න, කථිකාචාර්ය රිචඩ් නිකපිටිය සහ කේ. ඩී. පෙරේරා යන අය විසින් ඔවුන්ගේ නිර්මාණ වංචාකර ඇති බවට කරනු ලබන ප්‍රකාශ සම්බන්ධව ගෙන ඇති පියවර කවරේද;
(ii) නව නිර්මාණකරුවන් විසින් නව නිමැවුම්කරුවන්ගේ කොමිසමේ සභාපති සහ එහි සමහර නිලධාරීන් සම්බන්ධව කර ඇති ලිඛිත පැමිණිලි පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර තිබේද;
යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) නව නිමැවුම්කරුවන්ගේ කොමිසමේ සභාපතිගේ අත්තනෝමතික ක්‍රියාවන් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස නිර්මාණ මංකොල්ලයට හසුවී සිටින නිර්මාණකරුවෝ ජනාධිපතිතුමාගෙන් ලිඛිතව ඉල්ලා ඇති බවත්;
(ii) එම කොමිසමට වර්ෂයක් සඳහා රජය ලබාදුන් ප්‍රතිපාදන සුළු කාලයක් තුළ වියදම් කර ඇති බවත්;
එතුමිය දන්නෙහිද?
(ඈ) ඉහත සඳහන් කොමිසමේ විගණන වාර්තා එතුමිය මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-11-24
අසන ලද්දේ
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
තාක්ෂණ හා පර්යේෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks