04

E   |     |  

 දිනය: 2010-10-20   පිළිතුර ලබා දී ඇත 

0605/2010: Landslide Investigations

0605/’10

ගරු    මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2009 වර්ෂයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් පිළිබඳ රාජ්‍ය හා පෞද්ගලික අංශයන්ට අයත් විමර්ශන කටයුතු සඳහා වැය කර ඇති මුළු මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම සංවිධානය නායයෑම් පිළිබඳව රාජ්‍ය අංශයේ විමර්ශන කටයුතු සඳහා මූල්‍යමය අය කිරීමක් සිදු කරන්නේද;

(iii) 2009 වර්ෂයේ නායයෑම් පිළිබඳව පෞද්ගලික අංශයේ විමර්ශන කටයුතු සිදු කිරීම මගින් එම සංවිධානය ඉපැයූ මුළු ආදායම කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) නායයෑම්වලින් සිදුවන හානිය අවම කිරීම සඳහා ආපදා කලාප පිළිබඳව දත්ත රැස්කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකවේද;

(ii) එසේ නම්, ඒ කවරේද;

යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-10-20

අසන ලද්දේ

ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආපදා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks