බලන්න

02

E   |     |  

 දිනය: 2010-10-19   පිළිතුර ලබා දී ඇත 

0603/2010: Ships arrived at Colombo Port

0603/’10

ගරු    අරුන්දික ප්‍රනාන්දු මහතා,— වරාය හා ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      2007, 2008 සහ 2009 වර්ෂවලදී;

              (i)      කොළඹ වරායට පැමිණි නැව් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (ii)      කොළඹ වරාය වාර්ෂිකව මෙහෙයවන ලද භාණ්ඩ බහාලුම් ප්‍රමාණය කොපමණද;

(iii) ‍කොළඹ වරාය ඉපැයූ මුළු ආදායම කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද ?        

(ආ) (i) ඉදිරි වර්ෂවලදි කොළඹ වරායේ ඉපැයුම් වර්ධනය කිරීම සඳහා යෝජිත වැඩ පිළිවෙළක් තිබේද;

(ii) එසේ නම්, ඒ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?                

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-10-19

අසන ලද්දේ

ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා ගුවන්සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks