01

E   |     |  

 දිනය: 2018-06-21   පිළිතුර ලබා දී ඇත 

0571/2018: Compensation for Mihin Lanka Employees who had their services terminated

571/’18

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා,— රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       සී/ස මිහින් ලංකා (පෞද්ගලික) සමාගම පවත්වාගෙන යනු ලැබූ ගුවන් ගමන් වැඩසටහන්, 2016.10.30 දින සිට සී/ස ශ්‍රීලංකන් එයාර් ලයින්ස් වෙත පවරා ගත් බව දන්නේද;

(ii) ඊට සමගාමීව සී/ස ශ්‍රීලංකන් එයාර් ලයින්ස් වෙත බඳවා ගත් මිහින් ලංකා සේවකයන් සංඛ්‍යාව කොපමණද, ඔවුන්ගේ නම් හා තනතුරු කවරේද;

(iii) එසේ බඳවා නොගෙන සේවය අවසන් කළ මිහින් ලංකා සේවකයන් සංඛ්‍යාව කොපමණද, ඔවුන්ගේ නම් හා තනතුරු කවරේද;

(iv) සේවය අවසන් කළ එක් එක් සේවකයාට ගෙවන ලද වන්දි මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කවරේද;

(v) 2016.12.31 දිනෙන් පසුව සේවයේ යොදවා සිටින අයගේ නම් හා තනතුරු කවරේද;

 

(vi) 2016.12.31 දින තෙක් උපදේශක තනතුරු දරමින් සේවය කළ පිරිස කොපමණද;

(vii) ඉහත (vi) හි සඳහන් පිරිස අතරින් ඉදිරි මාස සඳහා වැටුප් ගෙවා ඇති සංඛ්‍යාව කොපමණද, ඔවුන්ට ගෙවන ලද වන්දි මුදල් සහ වැටුප් හෝ දීමනා කොපමණද;

(viii) ප්‍රමාණවත් වන්දි නොලැබීම නිසා අභියාචනා ඉදිරි‍පත් කර ඇති සංඛ්‍යාව කොපමණද;

(ix) ඔවුන්ට හිඟ වන්දි මුදල් ලබා දෙන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-21

අසන ලද්දේ

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks